ශීත සෘතුවේදී මම බොහෝ විට අවදිවන්නේ නිසල සාමකාමී හිම තට්ටුවක් දකිමිනි. එය අලංකාර මවිතයකි. වසන්ත සෘතුවේ රාත්‍රියේ ශබ්ද නගා ගෙන පැමිණෙන විදුලි කෙටීම් මෙන් නොව හිම වැටෙන්නේ නිසලවය.

ඔඩ්රි අසාද් ගයන “ශීත සෘතුවේ හිම” යන ගීතය පවසන්නේ යේසුස්වහන්සේට සුළි කුණාටුවක් ලෙසට මොලොවට පැමිණීමට තිබූ බවය. නමුත් උන්වහන්සේ පැමිණියේ මාගේ ජනේලය අසළින් වැටෙන හිම මෙන් නිසසලව සාමකාමීවය.

යේසුස්වහන්සේගේ පැමිණීම බොහෝ අය මවිත කෙළ්ය. මාළිගාවක ඉපදෙනවා වෙනුවට උන්වහන්සේ සිතා ගැනීමට බැරි ස්ථානයක ඉපදුණ සේක. ඒ බෙත්ලෙහෙමට පිටත කුඩා දුගී ස්ථනයකය. එහි තිබූ එකම ඇඳ වන ගව ඔරුවක උන්වහන්සේ නිදා ගත් සේක (ලූක් 2:7). රජයේ නිලධාරීන්ගේ උවටැන් ලබනවා වෙනුවට දුගී එඬේරු උන්වහන්සේ පිළිගත්තෝය (15-16 පද). ධනය වෙනුවට උන්වහන්සේව මාළිගාවේ ඔප්පු කිරීමට උන්වහන්සේගේ දෙමව්පියන්ට හැකිවූයේ ලාභ කුරුල්ලන් දෙදෙනෙකු පූජා කිරීමටය (24 පදය).

යේසුස්වහන්සේ ලොවට වැඩිය යටහත් මාර්ගය යෙසායා පෙන්වා තිබුණි. ඔහු කියා තිබුණේ එන්නා වූ ගැළවුම්කරුවාණෝ “මොර නොගසන්නේය. හඬ නොනගන්නේය” කියාය (යෙසායා 42:2). උන්වහන්සේ බලවත්ව පැමිණ තැළුණු බටදණ්ඩක් කඩා දමන්නේවත් ගිනි සිළුවක් නිවා දමන්නේවත් නැත කියාය (3 පදය). ඒ වෙනුවට උන්වහන්සේ පැමිණියේ මෘදු ලෙසිනි. ඒ දෙවියන්වහන්සේ වෙත අප ඇදගෙන දෙවියන්වහන්සේ සමග සමාදානය අපට දෙන පිණිසය. ගවමඩුවක උපන් ගැළවුම්කරුවෙකුගේ බලාපොරොත්තු නොවූ කථාව පිළිගන්නා සියල්ලන්ට එම සාමය ලැබෙන්නේය.