“සෑම දිනම නත්තල්” යන පොතහෙි විලියම් ඩීන් හවල්ස් තම ඉල්ලීම ඉෂ්ටවන දැරියකගේ කථාවක් පවසයි. එක් දීර්ඝ දරුණු වසරක සෑම දිනක්ම ඇයට නත්තල් මෙන් විය. තුන්වන දවස වන විටම නත්තල් ප්‍රීතිය නැතිවීමට පටන් ගන්නේය. වැඩිකල් යන්නට පෙර සියලු දෙනා රසකැවිලි අප්‍රිය කරති. කුකුල් මස් දුලබ වේ. ඒවා විශාල ගණන්වලට විකිණේ. ත්‍යාගයන් තවදුරටත් කෘතඥතාවයෙන් පිළිනොගැනේ. ඒවා සෑම තැනම ගොඩ ගැසී තිබේ. සෙනග එකිනෙකාට කෝපයෙන් ප්‍රතිචාර දක්වති.

හවලස්ගේ කථාව උපහාසාත්මක එකක් පමණි. ඒ හෙයින් අපට ස්තුතිවන්ත විය හැකිය. නමුත් කෙතරම් අනර්ඝ ආශිර්වාදයක්ද? නත්තලේ විෂය වන තැනන්වහන්සේ අපට කිසිදා එපා වන්නේ නැත. ඒ බයිබලය පුරා උන්වහන්සේව අප දකිනා හෙයිනි.

යේසුස්වහන්සේ තම පියාණන් වෙත ගිය පසු අපෝස්තුළු පේතෘස් යෙරුසලම් මාළිගාව අසළ රැස්ව සිටි සෙනගට “මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේක” (ක‍්‍රියා 3:22; ද්වීථිය කථාව 18:18) කියා මෝසෙස් පැවසුවේ යේසුස්වහන්සේ ගැනය කියා කීවේය. ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව වන “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය” යන්න යේසුස්වහන්සේට අදාළ වන්නේය (ක‍්‍රියා 3:25; උත්පත්ති 22:18). පේතෘස් සඳහන් කළේ “කථා කළ සියලු අනාගත වක්තෘන් මේ දිනය ගැන පැවසුවෝය” (ක‍්‍රියා 3:24) කියාය. ඒ මෙසියස්වහන්සේගේ පැමිණිමයි.

සැමරීම් අවසන්වී බොහෝ කාලයක් ගියද අපට නත්තලේ ආකල්පය තබා ගත හැකිය. බයිබලය පුරා ක්‍රිස්තුස්වහන්සේ දැකීමෙන් නත්තල යනු එක් දිනයකට වඩා යමක් බව අපට අගය කළ හැකිය.