මාගේ ස්වාමිපුරුෂයා මිතුරෙකුට සභාවට එන්න කියා ආරාධනා කළේය. රැස්වීමෙන් පසු “මම ගීතාකාවලට ආසයි. වටාපිටාවටත් ආසයි. නමුත් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ සියල්ලෝම යේසුසවහන්සේට මෙපමණ ගෞරවයක් දෙන්නේ කියලයි” යනුවෙන් ඔහු අපට කීවේය. මගේ ස්වාමිපුරුෂයා කිතු දහම යනු ක්‍රිස්තුස්වහන්සේ සමග සම්බන්ධතාවයක් බව ඔහුට විස්තර කළේය. උන්වහන්සේ නැතුව කිතු දහමේ අර්ථයක් නැහැ. අප එකතුවෙලා ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ අපගේ ජීවිතවල කළ දේවල් නිසාය.

යේසුස්වහන්සේ කවුද? උන්වහන්සේ කළේ මොකද්ද? කොලොස්සි 1 පරිච්ඡේදයේ පාවුල් එයට පිළිතුරු දී තිබේ. කිසි කෙනෙක් දෙවියන්වහන්සේ දුටුවේ නැහැ. යේසුස්වහන්සේ පැමිණියේ උන්වහන්සේව පරාවර්තනය කර එළිදරව් කිරීමටය (15 පදය). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස යේසුස්වහන්සේ අප වෙනුවෙන් මියැද අප පාපයෙන් නිදහස් කිරීමට පැමිණි සේක. පාපය දෙවියන්වහන්සේගේ ශුද්ධත්වයෙන් අපව වෙන්කර ඇත. ඒ හෙයින් සාමය ක්‍රියාත්මක කළ හැක්කේ සම්පූර්ණ කෙනෙකු තුළින් පමණි. ඒ යේ්සුස්වහන්සේය (14, 20 පද). වෙනත් වචනවලින් කියන්නේ නම් කිසිකෙනෙකුට දිය නොහැකි දේ යේසුස්වහන්සේ අපට දී ඇත. එනම් දෙවියන්වහන්සේ තුළට ළංවීම යන සදාකාල ජීවනයයි (යොහන් 17:3).

උන්වහන්සේ එවැනි ගරුත්වයකට සුදුසුවන්නේ ඇයි? උන්වහන්සේ මරණය පැරදු සේක. උන්වහන්සේගේ ප්‍රේමය සහ පූජාවෙන් උන්වහන්සේ අපගේ සිත් දිනාගත් සේක. උන්වහන්සේ සෑම දිනම අපට අලුත් ශක්තියක් දෙන සේක. උන්වහන්සේ අපගේ සියල්ල වන සේක.

අප උන්වහන්සේට මහිමය දෙමු. උන්වහන්සේ එයට සුදුසුය. උන්වහන්සේ්ව අපි ඔසවන්නේ එය උන්වහන්සේට නියමිත ස්ථානය නිසාය. අපගේ හදවත්වල උසස්ම ස්ථානය අපි උන්වහන්සේට දෙමු.