2006 සිට ලොව වටා කණ්ඩායමක් නව වසර ආසන්නයේදී අමුතු දිනයක් සමරන්නේය. එයට වීසි කිරීමේ දිනය යයි කියනු ලබන්නේය. එය ලතින් ඇමෙරිකානු සම්ප්‍රදායකින් පැවත එන්නකි. පසුගිය වර්ෂයේ සිදුවූ අප්‍රසන්න ලැජ්ජා සහගත මතකයන් සහ නපුරු කාරණා සියල්ල ලියා ඒවා කඩදාසි කැබලි කරන යන්ත්‍රයකට දමති. සමහරු ඒ දිනයට කුළු ගෙඩියක්ද රැගෙන යති.

ගීතාවලිය 103 කර්තෘ සෙනග වීසිකළ යුත්තේ අප්‍රසන්න මතකයන් පමණක් නොවන බව කියන්නේය. අපගේ පාප දෙවියන්වහන්සේ වීසිකරන බව ඔහු පවසයි. ඒ උන්වහන්සේ තමන්ගේ සෙනගට දක්වන විශාල ප්‍රේමය පෙන්වීමට ඔහු වචන චිත්‍ර භාවිතා කරන්නේය. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ විශාලත්වය ඔහු අහස සහ පොළොව අතර ඇති වෙනසට සමාන කරන්නේය (11 පදය). ඊළඟට ගීතිකාකරු උන්වහන්සේගේ සමාව දීමේ විශාලත්වය ගැන කථා කරයි. හිරු නැගීම සහ බැසීම අතර ඇති පරතරය මෙන් උන්වහන්සේ තම සෙනගගේ පාප ඉවත් කර ඇත (12 පදය). ගීතිකාකරුට අවශ්‍ය වූයේ උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ දක්වන ආදරයේ අපිරිමිත බවත් සම්පූර්ණ බවත් පෙන්නුම් කිරීමටය. සම්පූර්ණයෙන් සමාව දී අපරාධ වල බලයෙන් දෙවියන්වහන්සේ තම සෙනග මුදා ගත් සේක.

ශුභ ආරංචියකි! දෙවියන්වහන්සේගේ වීසිකිරීමේ දිනය අත්විඳින්න නව වසර එන තෙක් අපට බලා සිටීමට සිදු නොවේ. යේසුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ලෙන් අපගේ පාප කියාදී අප පාපවලින් හැරුණු විට උන්වහන්සේ ඒවාට සුමුදී ඒවා මුහුද පතුළට දමන සේක. අදද වීසිකිරීමේ දිනයක් විය හැකිය.