සිංගප්පූරුවේ සියලු තරුණයන් මෙන් වයස අවුරුදු 18 දී මාව හමුදාවට බඳවා ගත් විට මම පහසු තනතුරක් ඉල්ලා දැඩිව යාච්ඤා කළෙමි. ඒ ලිපිකරුවෙක් හෝ රියැදුරෙක් වීමටය. මා එතරම් ශක්තිමත් නොවු නිසා සටන් පුහුණුව මග හැරීමට මම කැමති වුනෙමි. නමුත් එක් සන්ධ්‍යාවක බයිබලය කියවන විට එක පදයක් පිටුවෙන් මතුවී මට පෙණුනි. “මාගේ කරුණාව නුඹට සෑහේ……” (2 කොරින්ති 12:9).

මාගේ හදවත බරවිය. නමුත් එය එසේ විය යුතු නැත. දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවන්ට පිළිතුරු දී තිබුණි. මට අසීරු ව්‍යාපෘතියක් ලැබුණත් උන්වහන්සේ මට සපයනු ඇත.

මට නිතරම සතුටක් ඇති කළ දේවල් නොකරමින් මම පාබල හමුදාවේ සාමාජිකයෙකු ලෙසට පත්වීමි. ආපසු හැරී බලන විට දෙවියන්වහන්සේ මා ආශා කළ දේවල් නුදුන් නිසා මම සතුටු වෙමි. එම පුහුණුව සහ අත්දැකීම් මාව ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් කළේය. වැඩිහිටි වයසට අවතීර්ණ වීමට මට ස්ථිරතාවයක් දුන්නේය.

යෙසායා 25:1-5 හි ඉශ‍්‍රායෙලයේ දඬුවම සහ ඉන්පසු ලැබෙන මිදීම ගැන අනාවැකි කීමෙන් පසු දෙවියන්වහන්සේගේ සැලසුම ගැන අනාගතවක්තෘ උන්වහන්සේට ප්‍රශංසා කරති. සියලු මනහර දේවල් බොහෝ කලකට පෙර සැළසුම් කර ඇති බව (1 පදය) යෙසායා පවසයි. නමුත් එයට සමහර අසීරු කාලයක්ද ඇතුළත් විය.

දෙවියන්වහන්සේ අපට නැහැ කියා කීම ඇසීම අමාරුය. අප යම් හොඳ දෙයක් එනම් යම් කෙනෙක්ව අර්බූදයකින් ගැළවීම වැනි දෙයක් ගැන යාච්ඤා කරන විටය. දෙවියන්වහන්සේගේ යහපත් සැලසුම් අල්ලා ගෙන සිටීමේ කලය එයයි. ඇයි කියා අපට තේරුම් නොයනු ඇත. නමුත් අපට උන්වහන්සේගේ ප්‍රේමය යහපත්කම සහ විශ්වාසවන්තකම අත් නෑර අල්ලා ගෙන සිටීමට පුළුවන.