අබලි කැබලි ගබඩා මා කුතුහලයට පත් කරයි. මම කාර් අලුත්වැඩියා කිරීමට කැමැත්තෙමි. ඒ හෙයින් මම අප නිවස අසළ වාහන කැබලි ගොඩ ගසා ඇති ස්ථානයකට නිතර යන්නෙමි. එය පාළු තැනකි. කෙනෙකුගේ අනර්ඝ වස්තුවක්ව කාලයක් තිබී වීසිකර ඇති වාහන ඇතුළින් සුළං ශබ්ද ඇසේ. සමහර ඒවා විනාශ වී ඇත. සමහරක් ගෙවී ඇත. තවත් සමහරක් ප්‍රයෝජනවත් කාලය අවසන් කර තිබේ. මා ඒවා අතරින් ගමන් කර විට මාගේ දෑස වාහනයක් වෙත ඇදී යයි. එහි “ජීවිත කාලය” තුළ එය ලද අත්දැකීම් ගැන මම කල්පනා කරමි. අතීතයට විවෘතව ඇති දොරටුවක් මෙන් සෑම වාහනයක් තුළම කථාවක් ගැබ්වී තිබේ. ඒ අලුත්ම මෝස්තරය පසුපස ගිය අයෙකුගේ හෝ අපට මග හැරිය නොහැකි කාල මංපෙත පිළිබඳව හෝ කථාවකි.

නමුත් පරණ කැබැල්ලකට අලුත් ජීවිතයක් දීමෙන් මම විශේෂිත විනෝදයක් ලබන්නෙමි. වීසිකර ඇති දේවල් ගෙන ඒවා අලුත්වැඩියා කර වාහනයකට සවිකර නව ජීවනයක් දෙන්නෙමි. එය කාලය සහ පරිහානියට එරෙහිව ලැබූ කුඩා ජයග්‍රහණයක් වැනි හැඟීමකි.

සමහර විට එය බයිබලයේ අවසානයේ ඇති යේසුස්වහන්සේගේ වචන මට සිහි ගන්වන්නේය. “සියල්ල අලුත්කරමියි” (එළිදරව් 21:5). මේ වචන අර්ථවත් කරන්නේ ඇදිහිලිවතුන්ද ඇතුළත්ව දෙවියන්වහන්සේ මැවිල්ලට නව පණක් දීමය. දැනටමත් උන්වහන්සේව පිළිගෙන සිටින අය උන්වහන්සේ තුළ “නව මැවිල්ලකි” (2 කොරින්ති 5:17).

කවදා හෝ නොනවතින කාලය පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දුවට අප ඇතුල් වන්නෙමු (යොහන් 14:3). වයස සහ රෝග තවදුරටත් බල නොපානු ඇත. සදාකාලික ජීවිතය නැමැති අනගි අත්දැකීමේ අපි අඛණ්ඩව ජීවත් වීමට යන්නෙමු. අප එකිනෙකාට මොන තරම් අනර්ඝ කථාවක් කියනු ඇත්ද? ඒ අපගේ ගැළවුම් කරුවාණන්ගේ මිදීමේ ප්‍රේමය සහ නොනවතින විශ්වාසවන්තකම ගැන කථාය.