“ඔබට පණිවුඩයක් තිබෙනවා”. මා සහභාගිවූ සමුළුවක සේවිකාවක් මට ලිපි කැබැල්ලක් දුන්නාය. මම බියවන්නද? සතුටු වන්නද? කියා කල්පනා කළෙමි. නමුත් එය කියවූ විට තිබුණේ “ඔබට ඥාති පුත්‍රයෙකු ලැබුණා” කියාය. මට ප්‍රීති විය හැකි බව මම දැන ගතිමි.

පණිවුඩ වලට හොඳ ආරංචි, නරක ආරංචි හෝ අභියෝගාත්මක වචන ගෙන ආ හැකිය. පරණ ගිවිසුමේ බලාපොරොත්තුවේ හෝ විනිශ්චයේ පණිඩුඩ ගෙන ඒමට අනාගතවක්තෘන් භාවිතා කළ සේක. නමුත් සමීපවී බලන කල උන්වහන්සේගේ විනිශ්චයේ වචන පවා පසුතැවිල්ලට, සුවය සහ ප්‍රතිෂ්ඨාපණයට බලපාන බව අපට පෙනී යන්නේය.

පණිවුඩ වර්ග දෙකක් ගැන මලාකි 3 හි සඳහන් වන්නේය. උන්වහන්සේට මාර්ගයක් පිළියෙල කිරීමට පණිවුඩකරුවෙකු එවන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වූ සේක. යොහන් බෞතිස්ත පැමිණෙන්නාවූ සත්‍ය පණිවුඩකරුවාණන් වන යේසුස්වහන්සේ ගැන දැන්වීය (මතෙව් 3:11). දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරන්නාවූ ගිවිසුමේ පණිවුඩකරුවාණන්ය (මලාකි 3:1). “රන්කරුවෙක්ගේ ගින්නද අපුලන්නෙකුගේ සබන්ද මෙන්” උන්වහන්සේ ක්‍රියාත්මක වනු ඇත. මක්නිසාද උන්වහන්සේගේ වචනය විශ්වාස කරන අය උන්වහන්සේ පවිත්‍ර කරන සේක. ඔවුන්ගේ යහ ජීවනය ගැන ඇති ප්‍රේමණීය උනන්දුව නිසා ස්වාමින්වහන්සේගේ සෙනග පවිත්‍ර කිරීමට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ වචනය එවූ සේක.

දෙවියන්වහන්සේගේ පණිවුඩය ප්‍රේමයේ, බලාපොරොත්තුවේ සහ නිදහසේ එකකි. අපගේ භාෂාව කථා කරන උන්වහන්සේගේ පුත්‍රයා පණිවුඩකරුවෙකු ලෙස දෙවියන්වහන්සේ එවූ සේක. සමහර විට නිවැරදි කිරීමේ පණිවුඩද සමගිනි. නමුත් සෑමවිටම බලාපොරොත්තුව ඇතුවය. උන්වහන්සේගේ පණිවුඩය කෙරෙහි අපට විශ්වාසය තැබිය හැකිය.