Archives: ජනවාරි 2019

හදා වඩා ගෙන

දානපතියෙකු අවතැන්වී සිටින දරුවන්ට නිවසක් සාදන විට මම සතුටු වන්නෙමි. ඔහු ඊටත් එහා ගොස් ඉන් කෙනෙකු හදා වඩා ගන්නා විට මම ඊට වඩා ප්‍රීති වෙමි. නමුත් බොහෝ දරුවෝ තමන්ට භාරකරුවෙක් සිටීම ගැන පමණක්ම සතුටු වෙති. භාර කරුවාට අවශ්‍ය මට උපකාර කිරීමට පමණක් නොවන බවත් ඔහුට මාව අවශ්‍ය බවත් දැන ගැනීම කොතරම් අනර්ඝ හැඟීමක්ද?

ඔබ දේව දරුවෙක් නම් ඔබ දැනටම එය…

මුහුදු පැළෑටී සහ ඩයටොම්

"ඩයටොම් කියන්නේ මොනවාටද?" මම මාගේ මිතුරියගෙන් ඇසීමි. ඇය අන්වීක්‍ෂයකින් ගෙන තිබු ඡායාරූප බැලීමට ඇගේ ජංගම දුරකථනය වෙත එබෙමින් මම එලෙස ඇසුවෙමි. "එය ඇල්ජී කියන මුහුදු පැළැටී වාගේ" ඇය කීවාය. "නමුත් ඒ දෙස බලන්න ඊටත් වඩා අමාරුයි. සමහර විට අන්වීක්‍ෂයට තෙල් බිඳුවක් දමන්න වෙනවා නැත්නම් ඒවා මැරෙන්න ඕනෑ" ඇය විස්තර කළාය. මම මවිතවී බලා සිටියෙමි. ඇය ඡායාරූප එකිනෙක පිරික්සුවාය. දෙවියන්වහන්සේ අන්වීක්‍ෂයකින්…

අහස ඉරාගෙන

මෑතකදී කළ කථා බහකදී මිතුරියක් මට පැවසුවේ ඇය තම ඇදහිල්ල අත්හැරිය බවය. මා පුරුදු පැමිණිල්ලකට ඇහුම්කන් දුන්නෙමි. "කිසි දෙයක් කරන බව නොපෙනෙන දෙවි කෙනෙකු මා විශ්වාස කරන්නේ කෙසේද?". අපගේ මාංසය කළඹවන මෙම ප්‍රශ්නය අප සෑම කෙනාටම එක්වරක් හෝ බලපා ඇත්තේය. බලහත්කාරය පිළිබඳව අප ප්‍රවෘත්ති වල දකින විට හෝ අපගේ සිත් රිදීම් දරා ගෙන යන විට අපට එය දැනේ. මාගේ මිතුරියගේ…

මනස සකසන්නා

සතියකට වරක් මා යන ගමන යාමට මා දුම්රිය එනතුරු බලා සිටියෙමි. දුම්රියට නැගීමට සැරසී සිටින සෙනග මෙන් මාගේ මනස ඍණාත්මක සිතුවිලිවලින් පිරී ගියේය. ණය ගැන කණස්සල්ල, මට එකිනෙකා කී නපුරු වචන, පවුලේ අයෙකුට වූ අසාධාරණයක් ගැන, අසරණ භාවය යනාදිය මාගේ සිතෙහි රැව් පිළිරැව් දුන්නේය. දුම්රිය පැමිණෙන අවස්ථාව වන විට මාගේ සිතුවිලි විකාර වී තිබුණි.

දුම්රියේදී මට නව සිතුවිල්ලක් පැමිණියේය. ඒ…

ජාතීන් අතර ධර්මිෂ්ඨයෝ

ඉශ්‍රායලයෙහි පිහිටා ඇති යඩ් වෂෙම් කෞතුකාගාරයට මාත් මාගේ සැමියාත් ගියෙමු. එහි ඇත්තේ යුදෙව්වන්ට වූ කෲරත්වය පෙන්වන කාරණාය. "හොලෝකෝස්ට්" නැමැති එම යුගෙයේ තම ජීවිත පරදුවට තබා යුදෙව්වන්ට උපකාර කළ අන් ජාතීන්ට අයත් සෙනගට ගරු කිරීම පිණිස සාදා ඇති ජාතීන් අතර ධර්මිෂ්ඨයෝ නැමැති උද්‍යානයට අපි ගියෙමු. එම ස්මාරක දෙස බලන අතර අපට ඕලන්දයෙන් පැමිණි කණ්ඩායමක් මුණ ගැසුණි. එක් ස්ත්‍රියක් ඇවිත් සිටියේ ඇයගේ…

තුෂාරයෙන් නොපිළිස්සී

ශීත සෘතුවේ දිනයක මාගේ දරුවෝ හිම මත ලිස්සා යාම කරමු යැයි පෙරැත්ත කළෝය. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවටත් පහළය. අපගේ ජනේලවල හිම පතිත වෙමින් තිබුණි. මම එය ගැනත් සිතා බලා යමු යයි කීවෙමි. නමුත් ඔවුන්ට එකට සිටින ලෙසත් විනාඩි පහළොවකින් ඇතුළට එන ලෙසටත් මම කීවෙමි.

ප්‍රේමයෙන් මම එම නීති දැමුවෙමි. ඊට හේතුව තුෂාරයෙන් නොපිලිස්සී නිදහසේ සෙල්ලම් කිරීමට ඔවුන්ට හැකිවන පිණිසය. 119…

පුළුල් චිත්‍රය

එක්සත් ජනපදයේ පළමු අප්‍රිකානු ඇමෙරිකානු ජනාධිපති පත් කිරීමේ උත්සවය රූපවාහිනිය පටිගත කරන ලදී. මෙම ඓතිහාසික උත්සවය නරඹන්න පැමිණි මිලියන දෙකක් එකවර පෙන්වීමට කැමරා කාචයන්ට හැකි වුනි. සී.බී.එස්. ප්‍රවෘත්ති වාර්තාකරු බොබ් ෂෙයිෆර් මෙම උත්සවයේ තරුව මෙම පුළුල් චිත්‍රය බව පැවසුවේය. වෙන කිසි දෙයකට ලින්කන් ස්මාරකයේ සිට අගනුවර දක්වා සිටි සෙනග පෙන්වීමට නොහැකිය.

මීටත් වඩා විශාල සමූහයක් ගැන බයිබලය අපට කියන්නේය. ඔවූහු…