මහා වීණාව වැයීමට ඉගෙනීමට මට සැමදාම ආශාවක් තිබුණි. නමුත් පංතියකට සම්බන්ධ වීමට මට කාලයක් නොතිබුණි. වඩා නිශ්චිතව කිවහොත් මම එයට කාලය වෙන්කළේ නැත. ස්වර්ගයෙහිදී මට සංගීත භාණ්ඩය නිපුණත්වයකට පැමිණීමට හැකිවේයැයි මම කල්පනා කළෙමි. ඒ අතර තුර දෙවියන්වහන්සේ මා කැඳවා ඇති විශේෂාකාර සේවාවන්ට අවධානය යොමු කිරීමට මට අවශ්‍ය විය.

ජීවිතය කෙටිය. ජීවිතය ගෙවී යාමට පෙර පෘථිවියේ කළ හැකි සියල්ල කිරීමට අපි අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරමු. නමුත් සත්‍ය වශයෙන්ම එහි අර්ථය කුමක්ද?

සාලමොන් රජු ජීවිතයේ අර්ථය කල්පනා කළේය. ඔහු යෝජනා දෙකක් ඉදිරිපත් කළේය. පළමුව අපි අපට හැකි උපරිම ලෙස අර්ථවත්ව ජීවිතය ගත කළ යුතුවේ. ඊට දෙවියන්වහන්සේ ජීවිතයෙහි අපට ඉඩ දෙන යහපත් දේවල් එනම් : කෑම, බීම (දේශනාකාරයා 9:7), ඇඳුම්, සුවඳ ද්‍රව්‍ය (8 පදය), විවාහය (9 පදය) යන දෙවියන්වහන්සේගේ සියලු දීමනාය. ඊට මහා වීණාව වැයීමද ඇතුළත් විය හැකිය.

ඔහුගේ දෙවන යෝජනාව වෙහෙසවී උවමනාවෙන් කරන වැඩයි (10 පදය). ජීවිතය අවස්ථාවලින් පූර්ණය. සෑම විටම කිරීමට වැඩ තිබේ. දෙවියන්වහන්සේ අපට දී ඇති අවස්ථා අපි ප්‍රයෝජනයට ගත යුතු වෙමු. අපගේ වැඩ ප්‍රමූඛතාවයකට ගෙන ඒමට සහ අපට ඇති දීමනා උන්වහන්සේගේ මහිමය පිණිස ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේගේ ප්‍රඥාව සෙවිය යුතු වෙමු.

ජීවිතය දෙවියන්වහන්සේ දුන් මනහර ත්‍යාගයකි. උන්වහන්සේගේ දෛනික ආශිර්වාද සහ අර්ථවත් සේවය යන දෙකෙහිදීම අපි ප්‍රසන්න වන විට අපි උන්වහන්සේට ගරු කරන්නෙමු.