අපගේ කැලෑබද ගම්මානයෙන් සඳ ඉවත්වී අන්ධකාරය පැමිණියේය. විදුලි කෙටීම් අහස සිසාරා ගියේය. වර්ෂාව සහ මේඝ ගර්ජනා පහළ විය. තිගැස්සී නැගිට දරුවෙකු සිතන ලෙස මා වෙත පැනිමට බලා සිටින බියකරු මකරුන් වර්ග ගැන සිතීමි. උදෑසන වන විට ශබ්ද නැවතුණි. හිරු නැගුණි. සාමය නැවත පැමිණියේය. කුරුල්ලෝ හිරු එළියේ ප්‍රීති නාද පවත්වන්න පටන් ගත්හ. බියකරු අන්ධකාරය සහ දහවලේ ප්‍රීතිය පැහැදිළිව ප්‍රකාශ විය.

සීනයි කන්දේ අඳුර සහ කුණාටුව අත්විඳි ඉශ්‍රායෙල්වරු බියෙන් සැඟවුනු ආකාරය ‌‌හෙබ්‍රෙව් කර්තෘ විස්තර කරයි (නික්මයාම 20:18-19). දෙවියන්වහන්සේ ව්‍යවස්ථාවේ ත්‍යාගය දීමට පැමිණීම ඔවුන්ට පෙනුණේ අන්ධකාරයක් සහ භයංකාරයක් ලෙසය. ඊට හේතුව පව්කාර සෙනග ලෙස ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේගේ ප්‍රමිතියට ජිවත් වීමට නොහැකි වීමය. ඔවුන්ගේ පාපය අන්ධකාරයේ සහ බියෙන් ජීවත්වීමට ඔවුන්ව පෙළඹෙව්වේය (හෙබ්‍රෙව් 12:18-21).

නමුත් දෙවියන්වහන්සේ ආලෝකයය. උන්වහන්සේ තුළ කිසි අඳුරක් නැත (1 යොහන් 1:5).හෙබ්‍රෙව් 12 හි සීනායි කන්ද සංකේතවත් කරන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධකම සහ අපගේ පැරණි ජීවිතයේ අකීකරු කමයි. නමුත් සියොන් කන්ද දෙවියන්වහන්සේ අනුග‍්‍රහයත් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ගේ නව ජීවිතයත් පෙන්නුම් කරන්නේය. “අලුත් ගිවිසුමේ මැදිහත්කරුවාණෝ උන්වහන්සේය” (22-24 පද).

යේසුස්වහන්සේ අනුගමනය කරන කවුරුන් නමුත් “අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය දකින්නෝය” (යොහන් 8:12). උන්වහන්සේ තුළ අපට පැරණි ජීවිතයේ අඳුර දුරලා උන්වහන්සේගේ ආලෝකයේ සහ උන්වහන්සේගේ රාජ්‍යයේ අලංකාරයේ ගමන් කිරීම සැමරිය හැකිය.