අගෝස්තුස් කායිසර් සිහිපත් කෙරෙන්නේ ප්‍රථම ශ්‍රේෂ්ඨ ‌අධිරාජ්‍යයා ලෙසය. දේශපාලනික නිපුණත්වයෙන් සහ හමුදා බලයෙන් ඔහු තම සතුරන් ඉවත් කර දැමීය. නටබුන් වලින් පිරුණු රෝමය කිරිගරුඬ ස්මාරක සහ මාළිගා නගරයක් බවට පත් කළේය. ඔහුට නමස්කාර කරන රෝම පුරවැසියෝ ඔහුව හැඳින්වූයේ මනුෂ්‍ය වර්ගයාගේ ගැළවුම්කරු සහ පියා ලෙසය. ඔහුගේ වසර හතලිහක රාජ්‍ය කාලය අවසන් වන විට ඔහුගේ අවසන් නිල වචන පෙළ වූයේ “මට හමුවූයේ මැටිවලින් සෑදුනු රෝම නුවරයි. මම එය කිරි ගරුඬ නගරයක් බවට පත් කළෙමි” යන්නය. නමුත් ඔහුගේ භාර්යාවට අනුව ඔහුගේ අන්තිිම වචන නම් “මම මාගේ කොටස හොඳින් රඟපෑවේද? එසේ නම් මා නික්ම යන විට මට ඔල්වරසන් දෙන්න” යන්නය.

නමුත් අගෝස්තුස් දැන නොසිටී දෙයක් නම් ඔහු ශ්‍රේෂ්ඨ කථාවක සහාය නළුවෙක් වූ බවය. ඔහුගේ රාජ්‍යයෙහි ඡායාව තුළ වඩුවෙකුගේ පුත්‍රයෙකු ඉපදුණි. උන්වහන්සේ හමුදා ජයග්‍රහණයක්, ‌දෙවොලක්, ක්‍රීඩාංගණයක් හෝ මාළිගාවකට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් එළිදරව් කිරීමට පැමිණි සේක (ලූක් 2:1).

තම රට වැසියන් රෝම සොල්දාදුවන්ගෙන් උන්වහන්සේගේ කුරුසිගත කිරීම ඉල්ලා සිටි රාත්‍රියෙහි යේසුස්වහන්සේ ඉල්ලූ මහිමය කාට අවබෝධ වන්නෙහිද? (යොහන් 17:4-5). ස්වර්ගයෙහි සහ පොළොවෙහි සදහටම ඔල්වරසන් වලට භාජනය වන සැඟවුනු පූජාවක මනහරභාවය කාට දකින්නට හැකිවීද?

එය රමණීය කථාවකි. අප අඥාන සිහින පසුපස හඹා යන බවත් අප එකිනෙකා සටන් කරන බවත් අපගේ දෙවියන්වහන්සේ දන්නා සේක. අපට ගෙවී ගිය කුරුසියක් ගැන ගායනා කිරීමට ඉතිරි කර උන්වහන්සේ ස්වර්ගයට ගිය සේක.