විලියම් කේරී රෝගී පිරිමි ළමයෙක් විය. ඔහු එංගලන්තයේ නෝර්තම්ප්ටන් නගරය අසළ දුගී පවුලක ඉපදුණි. ඔහුගේ අනාගතය එතරම් දීප්තිමත් බවක් නොපෙණුනි. එහෙත් දෙවියන්වහන්සේ ඔහුට ශ්‍රේෂ්ඨ සැළසුම් තබා තිබුණි. විශාල බාධා මැද ඔහු ඉන්දියාවට ආවේය. ඔහු එහි විශාල සමාජීය වෙනස්කම් කළේය. බයිබලය බොහෝ ඉන්දියානු භාෂාවලට පරිවර්තනය කළේය. ඔහු දෙවියන්වහස්සේටද සෙනගටද ප්‍රේම කළේය. දෙවියන්වහන්සේ වෙනුවෙන් බොහෝ දේවල් ඉෂ්ට කළේය.

යෙස්සේගේ් පත්‍රවූ දාවිත් සාමාන්‍ය පුද්ගලයෙකි. පවුලේ බාලයාය. ඔහු බෙත්ලෙහෙමේ කඳුකරයේ හැදී වැඞී කවුරුත් නොදන්න එෙඬ්රෙකු විය. නමුත් දෙවියන්වහන්සේ දාවිත්ගේ හදවත දුටුසේක. උන්වහන්සේට ඔහු ගැන සැලසුම් උන්වහන්සේ තුළ තිබුණි. අකීකරුකම නිසා දෙවියන්වහන්සේ සාවුල් රජුව ප‍්‍රතික්‍ෂේප කර තිබුණි. සාවුල්්ගේ තීරණ ගැන සාමුවෙල් අනාගතවක්තෘ දුක් වුවද දෙවියන්වහන්සේ වෙනත් රජෙකු පත් කිරීමට සාමුවෙල්ට අණ දුන් සේක. ඒ යෙස්සේගේ පුත්‍රයෙකි.

සාමුවෙල් උස, කඩවසම් එලියාබ්ව දිටීය. ඔහු සිතුවේ ”ස්වාමින්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ ආලේප ලත් තැනැත්තා” සිටගෙන ඉන්නා බවය (6 පදය*. කෙසේ වෙතත් රජෙකු පත් කිරීමට දෙවියන්වහන්සේගේ තුළ තිබූ සැලසුම සාමුවෙල්ගේ සැළසුමට වඩා බොහෝ වෙනස් විය. ඇත්තෙන්ම දෙවියන්වහන්සේ යෙස්සේගේ එක් එක් පුත්‍රයන් ඉවත් කළසේක. ඒ බාලයා හැරය. ප්‍රථම බැල්මට පෙණුනේ රජු ලෙස දාවිත් තෝරා ගැනීම දෙවියන්වහන්සේගේ උපක්‍රමය නොවන බවය. තරුණ එෙඬ්ර කොල්ලෙකුට තම ජනතාවට දීමට තිබුණේ කුමක්ද? ඊට වඩා රට ගැන කුමණ කථාද?

ස්වාමින්වහන්සේ අපගේ සිත් සහ අප වෙනුවෙන් ඇති සැළසුම් දන්නා බව අප දැන සිටීම කෙතරම් සහනයක්ද?