නීතිය රකින අවංක මනුෂ්‍යයෙකුට දුරකථන පණිවුඩයක් ලැබුණි. “මේ පොලිස් දෙපාර්තමේන්තුවේ …. නිලධාරියායි. කරුණාකර මෙම අංකයට ඇමතුමක් දෙන්න”. එකෙණෙහිම මිනිසා කනස්සලු වීමට ආරම්භ කළේය. කෙසේ හෝ තමා වරදක් කර ඇතැයි ඔහු කණස්සලු විය. දුරකථනයෙන් නැවත කථා කිරීමට ඔහු බිය විය. එසේම දින කිහිපයක් ඔහු නොනිදා කල්පනා කළේය. විය හැකි දේවල් ඔහුගේ සිතෙහි හොල්මන් කළේය. තමාට යම් කරදරයක් වේ යයි ඔහු ඔහු සිතුවේය. නිලධාරියා ඊට පසු කථා නොකළේය. නමුත් ඔහුගේ එම කණස්සල්ල පහවීමට කාලයක් ගත වුනි.

යේසුස්වහන්සේ කණස්සල්ල ගැන මනහර ප්‍රශ්නයක් ඇසු සේක. “කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?” (මතෙව් 6:27). සමහර විට කණස්සලු වීමට අපට ඇති නැමියාව ගැන නැවත සිතීමට මෙය උපකාර විය හැකිය. ඊට හේතුව ඉන් කියැවෙන්නේ කනස්සලු වීම අප සිතන කාරණයට උපකාර නොවන බවය.

ක්‍ෂිතිජයේ අසීරුතා දිස්වන විට පහත ඇති පියවර දෙක ගැනීමට අපට උත්සාහ කළ හැකිය. ක්‍රියාත්මක වන්න. දෙවියන්වහන්සේ විශ්වාස කරන්න. ප්‍රශ්නය මග හැරීමට අපට යමක් කළ හැකි නම් එය කර බලන්න. අප ගත යුතු ක්‍රියා ගැන මග පෙන්වන්නැයි දෙවියන්වහන්සේට යාච්ඤා කළ හැකිය. අපට කළ හැකි දෙයක් නැත්නම් දෙවියන්වහන්සේ කිසි දිනෙක එවැනි අසීරුතාවකට නොවැටෙන නිසා අපට සතුටු විය හැකිය. සැමවිටම අප වෙනුවෙන් ක්‍රියාත්මක වීමට උන්වහන්සේට පුළුවන. විශ්වාසයෙන් සහ ස්ථිරත්වයෙන් අපගේ ඉල්ලීම් සැමවිටම උන්වහන්සේට දැන්වීමට පුළුවන.

කණස්සලුවීමට කාලය පැමිණ අතැයි අපට සිතෙන විට අප දාවිත් රජුගේ ආනුභාවය ඇති වචන වෙත හැරෙමු. අසීරුතා සහ කණස්සල්ල ඔහුට අඩු නොවීය. නමුත් ඔහු අවසන් කළේ “නුඹේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක.” යනුවෙනි (ගීතාවලිය 55:22). කණස්සල්ල වෙනුවට මොනතරම් ශ්‍රේෂ්ඨ විකල්පයක්ද?