ගිය වසරේ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මාත් මාගේ මිතුරෝත් යැච්ඤා කළෙමු. දෙවියන්වහන්සේට සුව කිරීමට බලය ඇති බව අපි දැන සිටියෙමු. එසේ කරන්න යැයි අපි සෑමදාම කීවෙමු. අතීතයෙහි උන්වහන්සේ එසේ කළ බව අපි දුටීමු. උන්වහන්සේට එය කළ හැකිබව අපි විශ්වාස කළෙමු. ඔවුන්ගේ ජීවිතවල සුවය යථාර්ථයක් වන බවට පෙණුන දවස්ද විය. අපි ප්‍රීති වුනෙමු. නමුත් සරත් සෘතුවේ ඔවුන් සියලු දෙනා මිය ගියෝය. එය “සම්පූර්ණ සුවය” යයි සමහරු කීහ. එක අතකින් එය හරිය. නමුත් එම නැතිවීම් අපට විශාල දුකක් ගෙන ආවේය. දැන්ම ඔවුන් සුව වීම අපගේ ආශාව විය. නමුත් අප නොදන්නා කාරණා නිසා සුවය පැමිණියේ නැත. හාස්කමක් සිදුවූයේද නැත.

සමහරු යේසුස්වහන්සේව අනුගමණය කළේ උන්වහන්සේ කළ හාස්කම් නිසා සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමටය (යොහන් 6:2, 26). සමහරු උන්වහන්සේව දුටුවේ වඩුවෙක්ගේ පුත්‍රයා ලෙස පමණකි (මතෙව් 13:55-58). තවත් සමහරු උන්වහන්සේ තම දේශපාලනික නායකයා වනු ඇතැයි බලාපොරොත්තු වූහ (ලූක් 19:37-38). වෙනත් අය උන්වහන්සේ ගැන කල්පනා කළේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු ලෙසය (මතෙව් 7:28-29). ඒ අතර උන්වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට අසීරු නිසා උන්වහන්සේව අත්හැර ගිය අයද වූහ (යොහන් 6:66).

අදද සමහර විට අප බලාපොරොත්තුවන සියල්ල යේසුස්වහන්සේ ඉටු නොකරන සේක. නමුත් අපට සිතා ගැනීමට හැකිවාටත් වඩා උන්වහන්සේ ප්‍රබලය. සදාකාලික ජීවනය සපයන තැනැත්තාණෝ උන්වහන්සේය (47-48 පද). උන්වහන්සේ යහපත්, ණැනවත්, සමාව දෙන්නාවූ, අපට සමීප, සහනය දෙන දෙවියන්වහන්සේය. උන්වහන්සේ සිටින ආකාරයටම අප උන්වහන්සේව අඛණ්ඩව අනුගමණය කරමු. උන්වහන්සේ තුළ විශ්‍රාමය ලබමු.