වෙනදාට වඩා ටිකක් ඉක්මණින් මාගේ දියණිය පාසැලට යාමට සුදානම්ව සිටියාය. මග අසළ ඇති කෝපි කඩයක නවත්වමුදැයි ඇය ඇසුවාය. මම කැමති වීමි. අප එය අසළට ළංවන විට “කාට හරි මෙම උදෑසන සතුටක් දෙන්න ඔබ කැමතිද?” මම ඇසුවෙමි. “අනිවාර්යයෙන්ම” ඇය කීවාය.

අපි අපගේ ඇණවුම ඉදිරිපත් කළෙමු. අප ගෙවිය යුතු ගණන වෙළඳ සේවිකාව කීවාය. “අපට පසුපස සිටින අයගේ ගණනත් එකතු කරන්න” කියා මම කීවෙමි. මගේ දියණියගේ මුහුණ සිනහවකින් පිරුණි.

විශාල යෝජනාක්‍රමයක කෝපි කෝප්පයක් මහත් දෙයක් නොවිය හැකිය. නැත්නම් එය එසේද? “ඉතා කුඩා කෙනෙකුට” කිවූ යේසුස්වහන්සේගේ ආශාව අපට ඉටු කළ හැකි එක් ක්‍රමයක් වන්නේ මෙයද? (මතෙව් 25:40). මෙන්න අදහසක්. පෝලිමේ ඔබ පසුපස සිටින අය ඊට සුදුස්සා යයි කල්පනා කලහොත් කුමක් වේද? ඉන්පසුව කුමක් හෝ සමහර විට කෝපි කෝප්පයක්, ඊට වඩා වැඩි දෙයක් හෝ සුළු දෙයක් හෝ විය හැකිය. නමුත් “ඔබ කරන කුමක් වූවත්” යයි යේසුස්වහන්සේ කී හෙයින් එය අන් අයට මෙහෙ කිරීමේදී විශාල නිදහසක් අපට ගෙන දෙන්නේය.

අප ඉවත්ව යන විට අප පසුපස සිටි ස්ත්‍රියගේද වෙළඳ සේවිකාවගේද මුහුණු අප දුටුවෙමු. ඔවුන් දෙදෙනාම විශාල සතුටු සිනහවකින් මුහුණ පුරවා ගෙන සිටියෝය.