මාගේ ඥාති සහෝදරයා කුඩා පොකිරිස්සන් ඇල්ලීමට මට ආරාධනා කළ විට මම ඉතා සතුටු වීමි. ඔහු මට ප්ලාස්ටික් බාල්දියක් දුන්නේය. “මූඩියක් නැද්ද” කියා මම ඇසීමි. “මූඩියක් අවශ්‍ය වන්නේ නැහැ” ඔහු කීවේ බිලී පිති සහ ඇම අතට ගනිමිනි.

පසුව බාල්දිය තුන්කාලක් පමණ පිරී තිිබෙන විට මා දුටුවේ කුඩා පොකිරිස්සන් පැන යාමට අසාර්ථක උත්සාහයක යෙදෙන බවය. අපට මූඩියක් අවශ්‍ය නැත්තේ ඇයි කියා මම එවිට දැන ගතිමි. එක් පොකිරිස්සෙක් ඉහළට යන විට අනෙක් උන් ඌ පහළට ඇද්දෝය.

කුඩා පොකිරිස්සන්ගේ තත්ත්වය මට පැහැදිළි කරන්නේ මුළු සමූහනයක් ගැන නොසිතා අප ගැන පමණක් සිතීම කෙතරම් ආත්මාර්ථකාමීද විනාශකාරීද කියාය. තෙසලෝනිකයේ ඇදහිලිවතුන්ට ලියන විට ස්වාධීන සම්බන්ධතා එසවීමේ අවශ්‍යතාවය පාවුල් තේරුම් ගත්තේය. ඔවුන්ට ඔහු අවවාද කළේ “අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව” (1 තෙසලෝනික 5:14) යනුවෙනි.

ඔවුන් අනුන්ට සැලකීම ගැන ප්‍රශංසා කර (11 පදය) පාවුල් ඊටත් වඩා ප්‍රේමණීය සාමයෙන් පිරි සම්බන්ධතාවලට උනන්දු කළේය (13-15 පද). සමාවදීමේ, කරුණාවන්තකමේ සහ සානුකම්පාවේ සංස්කෘතියක් ගොඩ නැගීමට උත්සාහ කිරීමෙන් දෙවියන්වහන්සේ සහ අනුන් සමග ඇති ඔවුන්ගේ සම්බන්ධතා ගොඩ නැගෙනු ඇත (15 සහ 23 පද).

මෙවැනි ප්‍රේමාන්විත එක්සත්කමකින් සභාවට වර්ධනය වී සාක්‍ෂි දැරිය හැකිය. ඇදහිලිවතුන් දෙවියන්වහන්සේට ගරු කරන විට ක්‍රියා සහ වචනවලින් අන් අය පහළ නොඇද ඔවුන් ඔසවන විට අපගේ සමූහන වර්ධනය වේ.