ඇදහිල්ල පිළිබඳ පාඩම් නොසිතන ස්ථානවලින් පැමිණිය හැකිය. මා රාත්තල් 110 ක් බරැති කලු ලැබ්‍රඩෝර් බල්ලාගෙන් ඉගෙනගත් එක මෙනි. උගේ නම “බෙයා” ය. බෙයා වතුර බොන ඇලුමීනියම් භාජනය කුස්සියේ පැත්තක තබා තිබේ. එය හිස්වුන විට ඌ බුරන්නේ හෝ එය පහුරු ගාන්නේ හෝ නැත. ඒ වෙනුවට ඌ එතැන වාඩිවී නිශ්චලව සිටින්නේය. සමහර විට විනාඩි කිහිපයක් සිටීමට ඌට සිදුවේ. උගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මම කුස්සියට පැමිණෙනු ඇති බව විශ්වාස කිරීමට බෙයා ඉගෙන ගෙන තිබේ. ඌ මා මත තබා ඇති සරල විශ්වාසය මට මතක් කරන්නේ දැනට වඩා ඇදහිල්ලක් දෙවියන්වහන්සේ මත මා තැබිය යුතු බවය.

“ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය” (හෙබ්‍රෙව් 11:1) කියා බයිබලයේ සඳහන් වන්නේය. මෙම සහතිකයේ සහ ස්ථිරතාවයේ අත්තිවාරම දෙවියන්වහන්සේමය. උන්වහන්සේව “උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන සේක” (6 පදය). විශ්වාස කර යේසුස්වහන්සේ තුළින් උන්වහන්සේ වෙතට පැමිණෙන අයට ආශිර්වාද කර තම පොරොන්දු ඉෂ්ට කිරීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තය.

“අප නොදකින දේ” මත විශ්වාසය තැබීම පහසු නැත. නමුත් අපට දෙවියන්වහන්සේගේ යහපත සහ ප්‍රේමණීය චරිතය මත විශ්‍රාමය ලැබිය හැකිය. ඒ අපට බලා සිටීමට සිදුවූවත් උන්වහන්සේගේ ප්‍රඥාව සියලු දේවලදී සම්පූර්ණ බව විශ්වාස කරමිනි. සියලු අවස්ථාවලදී උන්වහන්සේ තමන්වහන්සේ කියන දෙයට විශ්වාසවන්තය. එනම්: අපගේ සදාකාලික ආත්ම ගළවා දැන් සහ සදාකාලයට අපගේ ගැඹුරු අවශ්‍යතා සැපිරීමටය.