“නමුත් මම කැමති නැහැ බෙදාගන්න”. මාගේ කුඩාම දරුවා මොර ගැසීය. ඒ ඔහුගේ “ලෝගෝ” ක‍්‍රීඩාවේ එක් කැබැල්ලක් හෝ දෙන්නට වේයැයි සිත බිඳි ගොසිනි. ඔහුගේ මුහුකුරා නොගිය හැසිරීම ගැන මම දුක් වීමි. නමුත් සත්‍ය වශයෙන්ම මේ ආකල්පය දරුවන්ට පමණක් සීමාවී නැත. මාගේ ජීවිතයේත් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතවලත් මෙම අත්දැකීම පෙනේද! එය පෙන්නුම් වන්නේ අන් අයට ත්‍යාගශීලීව නිදහසේ දීමට ඇති අකමැත්තෙනි.

යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස අප කැඳවා ඇත්තේ එකිනෙකා සමග අපගේ ජීවිත බෙදා ගැනීමටය. රූත් තම නැන්දම්මා සමග එසේ කළාය. ඇය දුගී වැන්දඹුවක් වූවාය. නායොමිට දීමට රූත් හට කිසිවක් නොවීය. නමුත් රූත් තම ජීවිතය නැන්දම්මාගේ ජීවිතය සමග සම්බන්ධ කර ගත්තෝය. රූත් නායොමිට මෙසේ කීවාය.
“නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක” (රූත් 1:16). ඇය ත්‍යාගශිලීව අත දිගහැර ඇයට වඩා වයසින් වැඩි ස්ත්‍රියකට දුන්නාය. ඒ ප්‍රේමය සහ සානුකම්පාව පෙන්වමිනි.

මෙලෙස අපගේ ජීවිතය බෙදා ගැනීම අසීරු විය හැකි වුවද එවැනි ත්‍යාගශිලී බවක ප්‍රතිඵල අප දැන ගත යුතු වේ. රූත් තම ජීවිතය නායොමි සමග බෙදා ගත්තාය. පසුව ඇය පුත්‍රයෙකු බිහි කළාය. ඒ දාවිත් රජුගේ සීයාය. යේසුස්වහන්සේ උන්වහන්සේගේ ජීවිතයම අප සමග බෙදා ගත් සේක. ඒ නිසා උන්වහන්සේව ඔසවන ලද්දේය. දැන් උන්වහන්සේ පියාණන්වහන්සේගේ දකුණු පැත්තෙහි ස්වර්ගයෙහි රජකම් කරන සේක. අප ත්‍යාගශීලිව එකිනෙකා සමග බෙදා ගන්නා විට මීට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් අපි අත්දකින බවට ස්ථිර විය හැකිය.