“ඔබට අත්හැරීමට බැරි කුමක්ද?” ගුවන් විදුලි නිවේදකයා ඇැසීය. අසන්නෝ කුතුහලය ඇති කරවන පිළිතුරු දුන්නෝය. සමහරු තම පවුලේ අය බවද එක් මහතෙකු තම මියගිය භාර්යාව බවද තවත් සමහරු තමන්ගේ සිහින පිළිබඳවද සංගීතයෙන් ජීවත්වීම ගැනද තවත් අය මවෙකු වීම බවද ප්‍රකාශ කළෝය. අපි සෑම කෙනෙකුටම අපි ඉතා ආශාවෙන් රැක ගන්නා යමක් තිබේ. එනම් පුද්ගලයෙක්, ආදරයක්, වස්තුවක් වැනි අත් හැරීමට බැරි යමක් අප සියල්ලන්ට තිබිය හැකිය.

හොෂෙයා පොතෙහි දෙවියන්වහන්සේ කියන්නේ තමන්වහන්සේගේ තෝරා ගත් ඉශ්‍රායෙල් සෙනග උන්වහන්සේ අත්නාරින බවය. ඒ උන්වහන්සේගේ වටිනා වස්තුවය. ඉශ්‍රායෙල්ගේ ප්‍රේමාණ්විත ස්වාමිපුරුෂයා ලෙස ඔවුන්ට අවශ්‍ය සියල්ල දෙවින්වහන්සේ දුන් සේක. එනම් දේශයක්, ආහාර පාන, ඇඳුම් සහ රැකවරණයයි. එහෙත් කාමමිථ්‍යාචාර කාලත්‍රයෙකු මෙන් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේ අත්හැර සතුට සහ ආරක්‍ෂාව වෙනත් තැන්වල සෙවීය. දෙවියන්වහන්සේ ඇයව සොයන්න සොයන්න ඇය ඈතට ගියාය (හොෂෙයා 11:2). ඇය කෙතරම් දැඩි ලෙස උන්වහන්සේට තුවාල කළද උන්වහන්සේ ඉශ්‍රායෙල්ව අත්හැරියේ නැත (6 පදය). ඇයව මුදවන පිණිස උන්වහන්සේ ඇයව විනයට යටත් කරනු ඇත. උන්වහන්සේගේ ආශාව ඇය සමග ඇති සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීමටය (11 පදය).

අද දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට එම ස්ථිරතාවය තබා ගත හැකිය. උන්වහන්සේගේ ප්‍රේමය අප කිසි දිනෙක අත් නාරියි (රෝම 8:37-39). අප උන්වහන්සේගෙන් ඉවත ගොස් නම් අප නැවත එනතුරු උන්වහන්සේ බලා සිටින සේක. දෙවියන්වහන්සේ අප විනයට පත් කරන විට අපට සතුටු විය හැක්කේ උන්වහන්සේ අපව සොයන බවට එය ලකුණක් මිස උන්වහන්සේ අපව ප්‍රතික්‍ෂේප නොකරනවා වන හෙයිනි. අප උන්වහන්සේගේ වස්තුවයි. උන්වහන්සේ අපව අත් හරින්නේ නැත.