කණ්ඩායමක් දීර්ඝ හෝ කෙටි සංචාරයක යෙදෙන විට “අපි තවමත් එතැනට ආවේ නැත්ද?” නැත්නම් “තව කොච්චර දුරද?” කියා යමෙකු ඇසීම දුලබ නොවේ. තම ගමනාන්තයට ලඟා වීමට කැමති අය අසන මෙම විශ්වනීය ප්‍රශ්න අසා නැත්තේ කව්ද? එසේම ජීවිත අභියෝග නොනවතින විට ඊට සමාන ප්‍රශ්න සියලු වයස්වල සෙනග අසන්නෝය.

ගීතාවලිය 13 හි දාවිත්ගේ කාරණය එයයි. 1-2 පද වල 4 වරක් ඔහුට හැඟුණේ තමාව අමතක වී, අත්හැර දමා පරාජය වී ඇති බවය. ඔහු විලාප නැගුවේ “තව කොපමණ කාලයකටද?” යනුවෙනි. දෙවන පදයේ ඔහු අසන්නේ මාගේ සිතුවිලි සමග කොපමණ කාලයක් මම අරගල කරම්ද කියාය. මෙවැනි ගීතිකා අපට අවසර දෙන්නේ අපගේම ප්‍රශ්න ස්වාමින්වහන්සේගෙන් නමස්කාර පූර්වකව ඇසීමටය. දීර්ඝ අවපාත තිබෙන කාලවලදී ප්‍රශ්න ඇසීමට දෙවියන්වහන්සේට වඩා හොඳ පුද්ගලයා කව්ද? රෝග, දුක, ප්‍රියයෙකු ඉවත්වීම සහ සම්බන්ධතා ගැටළු උන්වහන්සේ වෙත අපට ගෙන ආ හැකිය.

ප්‍රශ්න පැමිණි විට නමස්කාරය නැවැත්විය යුතු නැත. කණස්සල්ලෙන් පූර්ණ අපගේ ප්‍රහ්න සර්ව බලධාරී දෙවියන්වහන්සේ වෙතට ගෙන යාම උන්වහන්සේගේ කැමැත්ත වේ. සමහර විට දාවිත් මෙන් නියමිත කාලයේදී අපගේ ප්‍රශ්න, කන්නලව් සහ විශ්වාසයද ප්‍රකාශ කිරීම ස්වාමින්වහන්සේට කරන ප්‍රශංසා බවට පත්විය හැකිය (3-6 පද).