“ජරාබේ ටපාටියෝ” නැමැති මැක්සිකානු තොප්පි නැටුමෙන් ආදරය සැමරේ. උස් හඬින් ගායනා කරමින් නටන විට පිරිමියා තම විශාල තොප්පිය බිම තබයි. ස්ත්‍රිය තොප්පිය ඇද ගෙන දෙදෙනාම ඒ පසුපස සැඟවෙති. සිඹීමකින් ඔවුන්ගේ ආදරය ස්ථිර කරයි.

මෙම නැටුම මට මතක් කරන්නේ විවාහයේදී තිබිය යුතු විශ්වාසවන්තකම ගැනය. හිතෝපදේශ 5 හි කාමමිථ්‍යාචාරයේ අධික මිළ ගැන කථා කර විවාහය දෙදෙනාට සීමා විය යුතු බව අපි කියවමු. “නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න” (15 පදය). ජරාබේ නැටුමේ ජෝඩු දයහක් නැටුවද එකිනෙක නළුවා තම සහකාරයා හෝ සහකාරිය හෝ වෙත අවධානය යොමු කරන්නේය. අපගේ කාලාත්‍රයාට ඇති ගැඹුරු නොබෙදුණු කැපවීමකින් අපට ප්‍රීති විය හැකිය (18 පදය).

අපගේ ආදරයද නිරීක්‍ෂණයට ලක්වේ. තම සහකරු සමග ප්‍රීතිවන නළු නිළියෝ තමන් දෙස කෙනෙක් බලා සිටින බව දනිති. එලෙසම අප කියවන්නේ “මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක” (21 පදය) කියාය. අපගේ විවාහ ආරක්‍ෂා කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍ය වේ. ඒහෙයින් උන්වහන්සේ නිරතුරුව බලා සිටින සේක. අපි එකිනෙකාට පෙන්වන විශ්වාස කමින් අපි උන්වහන්සේ ප්‍රසන්න කරමු.

ජරාබේ නැටුමේදී ජීවිතය ගෙන යා යුතු රිද්මයක් තිබේ. අපි විවාහ වුවද නොවුවද අපගේ මැවුම්කරුවාණන් හට විශ්වාසවන්තව අපගේ රිද්මය තබා ගනිමු. එවිට අපට ආශිර්වාදය සහ ප්‍රීතිය ලබාගත හැකිය.