ශබ්ද තාරකා ශාස්ත්‍රය යොදා ගනිමින් විද්‍යාඥයින්ට අභ්‍යවකාශයේ ශබ්ද සහ නාඩිවලට ඇහුම්කන් දීමට පුළුවන. රාත්‍රී අහසේ තාරකා භ්‍රමණය වන්නේ නිශ්චලව නොවන බව ඔව්හු සොයා ගෙන තිබේ. තාරකාවලින් සංගීතය නික්මේ. එය මොල්ලි ඇති තල්මසුන්ගේ හඬ මෙනි. තාරකාවල හඬ මිනිස් කණට නොඇසේ. තාරකා, තල්මසුන් සහ අනෙකුත් මැවිලි නිකුත් කරන හඬ සංගීත වෘන්දයක් මෙන් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේය.

ගීතාවලිය 19:1-4 ට පවසන්නේ “අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය.” යනුවෙනි.

අලුත් ගිවිසුමෙහි අපෝස්තලු පාවුල් එළිදරව් කරන්නේ “ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;” (කොලොස්සි 1:16) කියාය. ඊට ප්‍රතිචාරයක් ලෙස ස්වාභාවික ලෝකයේ උසද ගැඹුරද තම මැවුම්කරුවාණන්ට තුති දෙති. අපද මැවීම සමග එක්වී “අහස වියතින් මැන්නාවු” තැනන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පසසමු (යෙසායා 40:12).