අප ගියාවූ සභා රැස්වීමක පුරුද්දක් ලෙස ස්වාමින්ගේ යාච්ඤාව කියන විට අප අත් අල්ලාගෙන සිටියෙමු. මා එක් අතකින් මවගේද අනික් අතින් පියාගේද අත් අල්ලාගෙන සිටිද්දී මම සෑම විටම ඔවුන්ගේ දියණියය යන සිතුවිල්ලෙන් මම පුදුම වීමි. මම දැනට මැදිවියෙහි සිටියත් මම තවමත් “ලියෝගේ” සහ “ෆිලිස්ගේ” දරුවා යයි කියනු ලැබිය හැකිය. මම ඔවුන්ගේ දරුවා පමණක් නොව සෑම විටම දෙවියන්වහන්සේගේ දරුවාද බව මම වටහා ගත්තෙමි.

අපෝස්තලු පාවුල්ට අවශ්‍ය වූයේ රෝමයේ සෙනග ඔවුන්ගේ අනන්‍යතාවය රැඳී ඇත්තේ දෙවියන්වහන්සේගේ පවුලට හදා වඩා ගැනීම මත බව ඔවුන් දැන ගැනීමය (රෝම 8:15). ඔවුන් ආත්මයෙන් ඉපිද සිටි නිසා (14 පදය) අනවශ්‍ය දේවලට වහල්වී සිටීමට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ආත්මයාණන්ගේ දිමනාව නිසා ඔව්හු
“දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය.” (17 පදය).

ක්‍රිස්තුස්වහන්සේ පසුපස යන අයට එය කුමණ වෙනසක් ඇති කරයිද? ඉතා සරලව කියන්නේ නම් සෑම දෙයක්මය! දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපගේ අනන්‍යතාවය අප මෙලොවදී අපිව දකිනා ආකාරය ගැන අපට අත්තිවාරමක් සහ හැඩයක් ලබා දෙන්නේය. උදාහරණයක් ලෙස අප දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් නිසා අපගේ පහසු කලාපයෙන් ඉවතට පා තැබීමට අපට හැකියාව ලැබෙන්නේය. එසේම අන් අයගේ අනුමැතිය සෙවීමෙන් අපව නිදහස් කරනු ලබන්නේය.

දෙවියන්වහන්සේගේ දරුවෙකු වීම යන්නෙහි අර්ථය අද අප මෙනෙහි නොකරන්නේ ඇයි?