විශ්ව විද්‍යාල පංතියක් ක්‍ෂේත්‍ර සංචාරයක් සඳහා ගිය විට තමාගේ හොඳම සිසුවිය හඳුනා ගැනීමට උපදේශකට නොහැකි විය. ඇය පංතියේදී තම කලිසම් කකුල් වලින් අඟල් හයක් උස සපත්තුව වසා ගෙන සිටියාය. නමුත් ඇය ඇවිදින සපත්තු දැමු විට අඩි පහකටත් වඩා මිටි බව පෙණුනි. ඇය සිනහවී කීවේ “මම කැමති අඩි උස සපත්තු දමා සිටීමටයි. නමුත් සාමාන්‍ය සපත්තු මාගේ යථාර්ථය පෙන්නුම් කරයි” යනුවෙනි.

අපගේ ශාරීරික පෙනුම අප කවුරුද යන්න නිර්වචනය නොකරයි. අවශ්‍ය අපගේ සිතයි. යේසුස්වහන්සේ අති පරිශුද්ධ “ඵරිසිවරුන්ට සහ ව්‍යවස්ථා ගුරුවරුන්ට” දැඩි වචන භාවිතා කළ සේක. පරම්පරාගත නියෝග කඩකරමින් යේසුස්වහන්සේගේ ගෝලයෝ කෑමට පෙර අත් නොසෝදන්නේ ඇයිද කියා ඔව්හු ඇසූහ (මතෙව් 15:1-2). “නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?” කියා යේසුස්වහන්සේ ඇසූ සේක (3 පදය). ඉන්පසුව උන්වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නේ ඔවුන් දෙමාපියන්ට නොසළකා තම ධනය රැක ගැනීම පිණිස ඔවුන් නෛතික හිඩැසක් තබා ඇති බවය. එලෙස ඔව්හු දෙමව්පියන්ට ගරු නොකරමින් පස්වෙනි ආඥාව කැඩුහ (නික්මයාම 20:12).

දෙවියන්වහන්සේගේ පැහැදිළි ආඥාවලින් රිංගා යා හැකි ස්ථාන බලමින් පිටස්තර පෙනුම පසුපස අප යන්නේ නම් අප උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ හරය කඩ කරමු. යේසුස්වහන්සේ කීවේ “නපුරු සිතුවිලි – මිනීමැරම්, කාමමිථ්‍යාචාරය, ලිංගික සල්ලාලකම සිතින් නික්මෙන්නේය” (මතෙව් 15:19) යනුවෙනි. අපට පවිත්‍ර සිතක් දිය හැක්කේ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළින් දෙවියන්වහන්සේට පමණී.