දෙසැම්බර් කුලිය ගෙවීමට පවුලේ අයෙකුට උපකාර අවශ්‍ය විය. ඔහුගේ පවුලට එය විශාල කරදරයක් මෙන් හැඟුණි. විශේෂයෙන් වසර අවසානයේ එන බලාපොරොත්තු නොවන වියදම් නිසාය. නමුත් ඔවුන්ගේ ඉතිරි කිරීම්වලින් ඔව්හු මුදල් ගත්තෝය. දෙවියන්වහන්සේගේ සැපයීමට කෘතඥතාවය දැක්වූහ. තම ඥාතියාගේ කෘතඥතාවයෙන් ආශිර්වාද ලැබීය.

මුදල ලද අය ඔවුන්ට ස්තුති කිරීමේ කාඩ්පතක් අනුග්‍රාහික වචනවලින් ලියා දුන්නේය. “එය විශාල දෙයක් ලෙස නොසළකා ඔබ නැවතත් යහපත් දෙයක් කළා..”

අප අන් අයට උපකාර කිරීම දෙවියන්වහන්සේට ලොකු දෙයකි. යෙසායා අනාගතවක්තෘ එම කාරණය ඉශ්‍රායෙල් දේශයට පෙන්වා දුන්නේය. සෙනග නිරාහාරයෙන් උන්නෝය. නමුත් එකිනෙකා දබරකර ගනිමින් සිටියෝය. යෙසායා ඔවුන්ට කීවේ “වැරදි ලෙස සිරගත කර සිටින අය නිදහස් කරන්න. ඔබට සේවය කරන අයගේ වැඩ ලිහිල් කරන්න. කුසගින්නේ සිටින අය සමග ඔබගේ ආහාර බෙදා ගන්න. නිවාස නැති අයට සෙවණ දෙන්න. ඇඳුම් අවශ්‍ය අයට ඇඳුම් දෙන්න. ඔබගේ උපකාර අවශ්‍ය ඥාතීන්ගෙන් නොසැඟවෙන්න” කියාය (යෙසායා 58:6-7).

යෙසායා කීවේ එවැනි කැපවීමක් දෙවියන්වහන්සේගේ ආලෝකය පතුරන අතර අපේ කැඩුණු බිඳුණුකම සුවකරන්නේය (8 පදය) කියාය. එම පවුලේ අය ඔවුන්ගේ ඥාතියාට උපකාර කරන අතර ඔවුන් තම ආර්ථිකය දෙසද බැලුවෝය. මුළු වසර තුළ වඩා හොඳ කළමනාකරණයක් කරන ආකාරය සලකා බැලුවෝය. මේ වසර ත්‍යාගශීලි වීමේ දෙවියන්වහවන්සේගේ වසරයි. “ඔබගේ භක්තිවන්තකම ඔබව ඉදිරියට ගෙන යනු ඇත. පසුපසින් උන්වහන්සේගේ මහිමය ඔබව ආරක්‍ෂා කරනු ඇත” (8 පදය). සත්‍ය වශයෙන්ම ඥාතියාට දීම ඔවුන්ට වැඩිපුර ආශිර්වාදයක් වූයේය. දෙවියන්වහන්සේ? උන්වහන්සේ දැනටමත් උන්වහන්සේගේ සියල්ලම ප්‍රේමයත් සමග අපට ලබා දී ඇත.