එක්සත් ජනපදයේ පළමු අප්‍රිකානු ඇමෙරිකානු ජනාධිපති පත් කිරීමේ උත්සවය රූපවාහිනිය පටිගත කරන ලදී. මෙම ඓතිහාසික උත්සවය නරඹන්න පැමිණි මිලියන දෙකක් එකවර පෙන්වීමට කැමරා කාචයන්ට හැකි වුනි. සී.බී.එස්. ප්‍රවෘත්ති වාර්තාකරු බොබ් ෂෙයිෆර් මෙම උත්සවයේ තරුව මෙම පුළුල් චිත්‍රය බව පැවසුවේය. වෙන කිසි දෙයකට ලින්කන් ස්මාරකයේ සිට අගනුවර දක්වා සිටි සෙනග පෙන්වීමට නොහැකිය.

මීටත් වඩා විශාල සමූහයක් ගැන බයිබලය අපට කියන්නේය. ඔවූහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන තම ඇදහිල්ල නිසා එකතුව උන්නෝය. “නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය” (1 පේත්‍රැස් 2:9).

මෙය වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුගේ චිත්‍රයක් නොවේ. නමුත් “සෑම ගෝත්‍රයක, භාෂාවක, සෙනගක සහ ජාතියක (එළිදරව් 5:9) මුදනු ලැබූ විශාල සංඛ්‍යාවකගේය. අද අපි පෘථිවිය පුරා විසිර ඉන්නෙමු. සමහරු තමන් තනිවී ඇතැයි සිතනු ඇත. එසේම ඔවුන් යේසුස්වහන්සේ කෙරෙහි තබා අති පක්‍ෂපාතිත්වය නිසා දුක් විඳින්නෝය. නමුත් දෙවියන්වහන්සේගේ වචනය නැමැති කැමරා කාචය තුළින් අපව ගළවා ගෙන අපව උන්වහන්සේගේම අය කළාවු තැනන්වහන්සේට එක්ව ගරු කරන ඇදහිල්ලෙන් නැගී සිටින අපගේ සහෝදර සහෝදරියන්ගේ විශාල චිත්‍රයක් අපි දකිමු.