ශීත සෘතුවේ දිනයක මාගේ දරුවෝ හිම මත ලිස්සා යාම කරමු යැයි පෙරැත්ත කළෝය. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවටත් පහළය. අපගේ ජනේලවල හිම පතිත වෙමින් තිබුණි. මම එය ගැනත් සිතා බලා යමු යයි කීවෙමි. නමුත් ඔවුන්ට එකට සිටින ලෙසත් විනාඩි පහළොවකින් ඇතුළට එන ලෙසටත් මම කීවෙමි.

ප්‍රේමයෙන් මම එම නීති දැමුවෙමි. ඊට හේතුව තුෂාරයෙන් නොපිලිස්සී නිදහසේ සෙල්ලම් කිරීමට ඔවුන්ට හැකිවන පිණිසය. 119 ගීතාවලියේ කර්තෘද දෙවියන්වහන්සේගේ එම පරමාර්ථය තේරුම් ගත්තේය. ඔහු ලියා ඇති පද දෙක පරස්පර යයි කෙනෙකුට සිතිය හැකිිය. “මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි. මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි” (44-45 පද). ගිතිකාකරු ආත්මික ව්‍යවස්ථාව රකින අතරම නිදහසද එකට සම්බන්ධ කළේ කෙසේද?

දෙවියන්වහන්සේගේ ණැනවත් උපදෙස් අනුගමණය කිරීම පසුව නොකළා නම් හොඳ යයි සිතන තීරණවල ප්‍රතිඵල වලින් අපව වළක්වන්නේය. දොස් තැබීමේ සහ වේදනාවේ බරින් තොරවූ විට අපගේ ජීවිත භුක්ති විඳීමට අපි වඩා නිදහස් වෙමු. දෙවියන්වහන්සේ “කරනු” “නොකරනු” යයි නීති මාලාවකින් අප පාලනය කිරීමට උත්සාහ නොකරන සේක. උන්වහන්සේගේ නිර්නායකයන් අපට පෙන්වන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කරන බවය.

මාගේ දරුවෝ හිම මත ලිස්සා යන විට ඔවුන් කන්දෙන් පහළට වේගයෙන් යනවා මම දුටීමි. ඔවුන්ගේ සිනහව සහ රෝස පැහැති කම්මුල් දැක මමද සිනහ වුූයෙමි. මෙම අවශ්‍ය පරිසරය අප සහ දෙවියන්වහන්සේ අතර සම්බන්ධතාවයේදී දක්නට ලැබේ. “ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව. මක්නිසාද ඊට ප්‍රිය වෙමි” යි අපට ගිතිකාකරු සමග එක්ව ප්‍රකාශ කිරීමට එය මග පාදන්නේය.