මෑතකදී කළ කථා බහකදී මිතුරියක් මට පැවසුවේ ඇය තම ඇදහිල්ල අත්හැරිය බවය. මා පුරුදු පැමිණිල්ලකට ඇහුම්කන් දුන්නෙමි. “කිසි දෙයක් කරන බව නොපෙනෙන දෙවි කෙනෙකු මා විශ්වාස කරන්නේ කෙසේද?”. අපගේ මාංසය කළඹවන මෙම ප්‍රශ්නය අප සෑම කෙනාටම එක්වරක් හෝ බලපා ඇත්තේය. බලහත්කාරය පිළිබඳව අප ප්‍රවෘත්ති වල දකින විට හෝ අපගේ සිත් රිදීම් දරා ගෙන යන විට අපට එය දැනේ. මාගේ මිතුරියගේ කරදරය පෙන්නුම් කළේ ඇයගේ අවශ්‍යතාවය ගැන දෙවියන්වහන්සේ ක්‍රියාත්මක විය යුතුය යන බලාපොරොත්තුවයි. අප සියලු දෙනාට ඒ ආශාව තිබේ.

ඉශ්‍රායලය මෙම කාරණය හොඳින් දැන සිටියාය. බබිලෝනි අධිරාජ්‍යය ඉශ්‍රායලය යටකර දැමීමට සිතා සිටියේය. ඔවුන්ව යකඩ බාහුවකින් පොඩිකර යෙරුසලම ගිනි අඟුරු බවට පත් කිරීම බබිලෝනියන්ගේ අභිලාෂය විය. යෙසායා සෙනගගේ අඳුරු සැකය වචනවලින් ඉස්මතු කළේය. “අප ගළවන්නට සිටි තැනන්වහන්සේ කොහේද?” (යෙසායා 63:11-15). නමුත් එම ස්ථානයෙහි සිට යෙසායා නිර්භීත යාච්ඤාවක් කළේය. “අහස පළා ගෙන බසින්න” (64:1). යෙසායාගේ වේදනාව සහ දුක දෙවියන්වහන්සේගෙන් ඈත්වීමට ඔහුට හේතුවක් වූයේ නැත. උන්වහන්සේට තවත් සමීපවීමට එය හේතුවක් විය.

අපගේ සැකයන් සහ කරදර පුදුමාකාර ත්‍යාගයක් අපට ලබා දෙයි. ඒවායින් පෙන්වන්නේ අප කෙතරම් අතරමංවී ඇද්ද අපට කෙතරම් දෙවියන්වහන්සේ අවශ්‍යද යන්නය. දැන් අපි සුවිශේෂී විශ්වාස කළ නොහැකි කථාව දකින්නෙමු. යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අප වෙත ඒම පිණිස අහස ඉරා ගෙන පැමිණෙන සේක. ක්‍රිස්තුස්වහන්සේ තම කැඩි බිඳී ගිය ශරීරය පූජා කළේ උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වට කිරීමටය. යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපට ඉතා සමීපය.