“ඩයටොම් කියන්නේ මොනවාටද?” මම මාගේ මිතුරියගෙන් ඇසීමි. ඇය අන්වීක්‍ෂයකින් ගෙන තිබු ඡායාරූප බැලීමට ඇගේ ජංගම දුරකථනය වෙත එබෙමින් මම එලෙස ඇසුවෙමි. “එය ඇල්ජී කියන මුහුදු පැළැටී වාගේ” ඇය කීවාය. “නමුත් ඒ දෙස බලන්න ඊටත් වඩා අමාරුයි. සමහර විට අන්වීක්‍ෂයට තෙල් බිඳුවක් දමන්න වෙනවා නැත්නම් ඒවා මැරෙන්න ඕනෑ” ඇය විස්තර කළාය. මම මවිතවී බලා සිටියෙමි. ඇය ඡායාරූප එකිනෙක පිරික්සුවාය. දෙවියන්වහන්සේ අන්වීක්‍ෂයකින් පමණක් බැලිය හැකි ඉතා කුඩා කාරණාවලට පවා ජීවනය ලබා දී තිබේ.

දෙවියන්වහන්සේගේ මැවිල්ල සහ ක්‍රියාවලට නිමාවක් නැත. යෝබ් පොතෙහි යෝබ්ගේ එක් මිතුරෙක් වන එලිහු යෝබ්ගේ අරගලවලදී ඔහුට පෙන්වා දෙන්නේ “එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද? දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද?” (යෝබ් 37:14-16) යනුවෙනි. අප මනුෂ්‍යයන් ලෙස දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ මැවිල්ලේ සංකීර්ණ භාවය අපට තේරුම් ගැනීමට ආරම්භ කිරීමටවත් බැරිය.

අප නොදකින මැවිල්ලේ කොටස් පවා දෙවියන්වහන්සේගේ තේජස සහ බලය උද්දීපනය කරන්නේය. අප කුමණ දෙයක් තුළින් ගියත් එනම් අපට ඒවා නොපෙනුනත් නොතේරුණත් දෙවියන්වහන්සේ ක්‍රියා කරන සේක. අප උන්වහන්සේව අද දින පසසමු. “උන්වහන්සේ සොයා දැන ගන්නට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද කරන සේක” (යෝබ් 5:9).