දානපතියෙකු අවතැන්වී සිටින දරුවන්ට නිවසක් සාදන විට මම සතුටු වන්නෙමි. ඔහු ඊටත් එහා ගොස් ඉන් කෙනෙකු හදා වඩා ගන්නා විට මම ඊට වඩා ප්‍රීති වෙමි. නමුත් බොහෝ දරුවෝ තමන්ට භාරකරුවෙක් සිටීම ගැන පමණක්ම සතුටු වෙති. භාර කරුවාට අවශ්‍ය මට උපකාර කිරීමට පමණක් නොවන බවත් ඔහුට මාව අවශ්‍ය බවත් දැන ගැනීම කොතරම් අනර්ඝ හැඟීමක්ද?

ඔබ දේව දරුවෙක් නම් ඔබ දැනටම එය දනී. මන්දයත් ඔබට දැනටම එසේ සිදුවී ඇති නිසාය. දෙවියන්වහන්සේ තම පුත‍්‍රයාණන් එව්වේ “අප විනාශ නොවී සදාකාල ජීවනය ලැබීමට” (යොහන් 3:16) පමණක් වුවද අපට කෙඳීරීමට නොහැකිය. එය අපට ප්‍රමාණවත්ය. නුමුත් දෙවියන්වහන්සේට එය ප්‍රමාණවත් නොවේ. දෙවියන්වහන්සේ අපව මිදෙව්වේ එතැනින් අවසන් කිරීමට නොවේ. පුත්‍රයන් ලෙස අපට පවුලේ සාමාජිකත්වය ලබා දීමටය (ගලාති 4:4-5).

අපෝස්තලු පාවුල් අප “පුත‍්‍රයන්” ලෙස හඳුන්වන්නේය. එයට හේතු ඔහුගේ කාලයේදී පියාගේ උරුමය පුත්‍රයන්ට ලැබීම සාමාන්‍ය දෙයක් වූ නිසාය. නමුත් ඔහු පෙන්වන්නේ පිරිමියෙකු හෝ ස්ත්‍රියෙකු හෝ තම ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබන විට ඔවුන්ට උරුමයේ සමාන අයිතිවාසිකම් ලැබෙන බවය (7 පදය).

දෙවියන්වහන්සේට අවශ්‍ය ඔබ ගැළවීමට ගෙන ඒම පමණක් නොවේ. උන්වහන්සේට ඔබ අවශ්‍යයි. උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ පවුලට ඇතුළත් කර ගෙන ඇත. උන්වහන්සේගේ නාමය ඔබට දී ඇත (එළිදරව් 3:12). ඔබ උන්වහන්සේගේ දරුවෙකු බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන සේක. ඔබට ඊට වඩා ප්‍රේමයක් ලැබිය නොහැකිය. ඊට වඩා උසස් කෙනෙකුගේ ප්‍රේමයට භාජනය විය නොහැකිය. ඔබ දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලැබුවා පමණක් නොවේ. ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක්ය. ඔබගේ පියාණන් ඔබට ප්‍රේම කරන සේක.