ඔවුන් මුණගැසුණු පළමු කාලයේ එඩ්වින් ස්ටැන්ටන් එක්සත් ජනපද ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන්ව අපහාසයට ලක් කළේය. ඒ පුද්ගලිකව සහ වෘත්තිමය වශයෙන්ය. ඔහුව “අත් දිග ජීවියා” ලෙසද හැඳින්වූයේය. නමුත් ලින්කන් ස්ටැන්ටන්ගේ හැකියාවන් අගය කර ඔහුට සමාව දීමට තීරණය කළේය. සිවිල් යුද්ධය කාලයේදී ස්ටැන්ටන්ට කැබිනට් තානාන්තරයක්ද පිරි නැමීය. පසුව ස්ටැන්ටන් ලින්කන්ට බලවත් ප්‍රේමයක් දැක්වීය. ලින්කන් වෙඩි කෑ දිනයේ ශල්‍යකර්මයේ මුළු රාත්‍රියේම ස්ටැන්ටන් ඔහු ළඟින්ම සිටියේය. ඔහු මිය ගිය දිනයේ කඳුළු පිරි දෑසින් ස්ටැන්ටන් මිමිණුවේ “ඔහු දැන් සදා කාලයට අයිතිය” කියාය.

සමගිවීම ඉතා අලංකාර දෙයකි. පේත්‍රැස් යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට ලීවේ “ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” (1 පේත්‍රැස් 4:8) කියාය. යේසුස්වහන්සේව ඔහු විසින් ප්‍රතික්‍ෂේප කිරීම (ලූක් 22:54-62) සහ යේසුස්වහන්සේ ඔහුටත් (අපටත්) කුරුසිය තුළින් දුන් ගැළවීමත් ඔහුට එලෙස හැඟෙන්න සළස්වූවාද කියා මට සිතෙන්නේය.

කුරුසියේ මරණය තුළින් යේසුස්වහන්සේ පෙන්වූ ගැඹුරු ප්‍රේමය අපගේ පාප ණයෙන් අප නිදහස් කරන අතර දෙවියන්වහන්සේ සමග සමගිවීමේ මාර්ගයක් අපට විවෘත කරන්නේය (කොලොස්සි 1:19-20). උන්වහන්සේගේ සමාව අන් අයට සමාව දීමට අපව බලගන්වන්නේය. ඒ අපගේ ශක්තියෙන් කිරීමට අපට බලය නැතැයි අප තේරුම් ගෙන අප උන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලන විටය. අපගේ ගැලවුම්කරුවාණන් අන් අයට ප්‍රේම කළ නිසා අපිද අන් අයට ප්‍රේම කරන කල අතීතය අමතක කර උන්වහන්සේ සමග පෙරට යමින් අනුග්‍රහයේ අලංකාර ස්ථානවලට යන්න උන්වහන්සේ අපට ශක්තිය දෙන සේක.