විශාල ප්‍රසිද්ධියකට පත්විය හැකි භූමිකාවක් රඟපෑමට නිලියක් වන ඩයන් කෲගර්ට අවස්ථාවක් ලැබුණි. එයට අවශ්‍ය වූයේ තම ස්වාමි පුරුෂයා සහ දරුවා අහිමි වූ භාර්යාවක් සහ මවකගේ චරිතයක් රඟපෑමටය. එවැනි දුකක් ඇය කෙදිනකවත් විඳ නොතිබුණි. ඇයව අන් අය විශ්වාස කරාවිදැයි ඇයට බියක් ඇති විය. ඒ සඳහා පුහුණු වීමට අසීමිත දුක් වේදනා තුළින් යන කණ්ඩායම්වල රැස්වීම්වලට ඇය සහභාගී වූවාය.

මුලදී ඔවුන් ඔවුන්ගේ කථා කියන විට ඇයද යෝජනා සහ සිතුවිලි ඉදිරිපත් කළාය. අපි බොහෝ දෙනෙක් මෙන් ඇයත් උපකාර කිරීමට කැමති වූවාය. නමුත් කෙමෙන් කෙමෙන් ඇය තම කථාව නතර කළාය. ඇහුම්කන් දීමට ආරම්භ කළාය. ඔවුන්ගේ සෙරෙප්පු තුළින් සැතපුමක් යාමට ඇය ඉගෙන ගත්තේ එවිටය. ඇයට අවබෝධය පැමිණියේ ඇය අසන්න පටන් ගත් විටය.

යෙරෙමියාගේ චෝදනාව වූයේ සෙනග ස්වාමින්වහන්සේගේ හඬට ඇහුම්කන්දීම ප්‍රතික්‍ෂේප කළ බවය. අනාගතවක්තෘ වචන භාවිතයට බිය නොවීය. ඔවුන්ව “මෝඩ තේරුම් නැති” අය ලෙස ඔහු හැඳින්වීය (යෙරෙමියා 5:21). දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ අඛණ්ඩව ක්‍රියා කරන සේක. ප්‍රේමය, උපදේශනය, ධෛර්යය සහ ප්‍රවේශවීම සම්බන්ධ වචන අපට සංනිවේදනය කරන සේක. පියාණන්ගේ ආශාව ඔබ ඉගෙන ගෙන වර්ධනය වීමයි. අප සෑම කෙනෙක්ටම ඊට අවශ්‍ය උපකරණ එනම් කන් අපට දී ඇත. ප්‍රශ්නය නම් පියාණන්ගේ හදවතට ඇහුම්කන් දීමට අප ඒවා භාවිතාකරනවාද යන්නයි.