ශීත සෘතුවේ දිනයක ක්‍රිස්ටා සීතලේ සිටියාය. ඇය වැව අසල තිබූ හිමෙන් වැසී තිබුණු ප්‍රදීපාගාරය දෙස බලා ගෙන සිටියාය. ඇය ඡායාරූප ගැනීම සඳහා තම දුරකථනය පිටතට ගත්තාය. ඇයගේ උපැස් යුවළ හිමෙන් වැසී ගියේය. ඇයට කිසි දෙයක් පෙණුනේ නැත. එම නිසා ඇය කැමරාව තුන් පැත්තකට යොමු කර ප්‍රදීපාගාරයේ ඡායාරූප තුනක් ගැනීමට තීරණය කළාය. පසුව ඒ දෙස බලමින් සිටි ඇයට අවබෝධ වූයේ කැමරාව “සෙල්ෆි” ගැනීමට සකස් කර තිබූ බවය. අය සිනහවෙමින් පැවසුවේ “මාගේ අවධානය වී තිබුණේ මාය, මා සහ මාය. දැක්කේ මා පමණි” කියාය. ක්‍රිස්ටාගේ ඡායාරූප මට මතක් කළේ අප කරන එවැනි වරදක්ය. අප අප ගැනම සිතන නිසා දෙවියන්වහන්සේගේ පුළුල් ඡායාරූපය අපට අමතක වෙන්නේය.

යේසුස්වහන්සේගේ ඥාති සහෝදරයා වන යොහන් තමා අවධානයේ මාධ්‍යය නොවන බව පැහැදිළිව දැන සිටියේය. මුල පටන් ඔහු දැන සිටි කාරණයක් වූයේ ඔහුගේ කැඳවීම යේසුස්වහන්සේ එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයා වෙත අන් අය කැඳවීම බවයි. යේසුස්වහන්සේ එනවා දැක යොහන් බව්තීස්ත ඔහුගේ අනුගාමිකයන් වෙත පැවසුවේ “අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!” කියාය (යොහන් 1:29). “නුමුත් මා වතුරෙන් බව්තීස්මකරමින් ආවේ උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රකාශවන පිණිසය” යයි ඔහු නැවතත් කීවේය (31 පදය). යේසුස්වහන්සේ වෙත තම අනුගාමිකයන් යන බව දුටු යොහන් පසුව පැවසුවේ “මම ක්‍රිස්තුස් නොවෙමි, නුමුත් උන්වහන්සේට පළමුවෙන් එවනලද්දෙමියි මා කී බවට නුඹලාම සාක්ෂිකාරයෝය….. උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය” (3:28,30) යනුවෙනි.

යේසුස්වහන්සේ සහ උන්වහන්සේට මුළු සිතින් ප්‍රේම කිරීම අපගේ ප්‍රධාන අවධානය වේවා.