ඇමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුවට අනුව ඇමරිකානුවෝ ජීවිත කාලය තුළ ලිපින 11 කට හෝ 12 කට මාරු වන්නෝය. මෑත වසරක සෙනග මිලියන 28 ක් බඩු බැඳගෙන තවත් නිවසකට ගියෝය.

ඉශ්‍රායෙල් වසර හතළිහක් කාන්තාරයේ සිටි කාලයේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වලාකුළ මුළු ජාතියක්ම එක් ස්ථානයකින් තව ස්ථානයකට ගෙන ගියේය. එම වාර්තාව නැවත නැවත කියවද්දී එය සුඛාන්තයක් වැනිය. මේ විශාල පවුල ඔවුන්ගේ භාණ්ඩ පමණක් නොව වළාකුලේ දෙවියන්වහන්සේ මෝසෙස්ව මුණගැසෙන කූඩාරමේ භාණ්ඩද ගළවා රැගෙන ගොස් නැවත සවි කළෝය (නික්මයාම 25:22 බලන්න).

වසර ගණනාවකට පසුව ඉශ්‍රායෙල්ගේ ගමනේ නිවැරදි අර්ථය යේසුස්වහන්සේ ප්‍රකාශ කළ සේක. වළාකුලකින් මග පෙන්වනවා වෙනුවට උන්වහන්සේ පුද්ගලිකව ආ සේක. “මා පස්සේ එන්න” කියා උන්වහන්සේ කී සේක (මතෙව් 4:19). උන්වහන්සේ පෙන්වුයේ වැදගත් ලිපින වෙනස්වීම් සිදුවන්නේ හදවතේ මාර්ගවලදී කියාය. උන්වහන්සේ රෝම කුරුසියක් පාමුළට සතුරන් සහ මිතුරන් ගෙන ගිය සේක. වළාකුළේ සහ කුඩාරමේ දෙවියන්වහන්සේ අපව ගැළවීම පිණිස කෙතරම් දුරක් යන්නේදැයි උන්වහන්සේ පෙන්වූ සේක.

ලිපින මාරුවන ලෙස සිතෙහි සිදුවන වෙනස්කම් එතරම් පහසු නැත. නමුත් එක් දිනක පියාණන්ගේ ගෘහයේ කවුළුවක් තුළින් යේසුස්වහන්සේ අවසානය දක්වා අපව ගෙන ආ බව අපි දකිනු ඇත.