විදේශයකදී උස මහත අමුත්තෙක් අප ඉදිරියට පැමිණි විට මාත් මගේ භාර්යාවත් බියෙන් හැකිලුණෙමු. අපගේ නිවාඩුව එතරම් හොඳ එකක් නොවීය. සමහරු අපට අපහාස කළෝය. අපට වංචා කළහ. අපගෙන් සූරා ගෙන තිබුණි. දැන් නැවත වාරයක් අප එවැනි දෙයකට මුහුණ දීමට යන්නෙමුද? නමුත් පුදුමයකට මෙන් එම මනුෂ්‍යයාට අවශ්‍ය වූයේ නගරයේ හොඳම දර්ශනය දැකිය හැකි ස්ථානය අපට පෙන්වීමටය. ඉන්පසු ඔහු අපට චොකලට් එකක් දී යන්නට ගියේය. ඒ කුඩා දෙය අපට මුළු දවසටම ප්‍රමාණවත් විය. එය මුළු සංචාරයම ආලෝකමත් කළේය. අපව ප්‍රීතියට පත් කිරීම ගැන ඒ මනුෂ්‍යයාට සහ දෙවියන්වහන්සේට කෘතවේදී වන්න එම ක්‍රියාව අපට සැළැස්වීය.

ඒ මනුෂ්‍යයා අමුත්තන් දෙදෙනෙකුට උපකාර කළේ ඇයි? ඔහු මුළු දවස පුරා චොකලට් එක අතේ තියාගෙන එයින් ආශිර්වාද කරන්නේ කාටද කියා සිතමින් ගියේද?

කුඩාම දෙයකින් විශාලම සිනහවක් ගෙන ඒමට හැකිවීම විශ්මිතය. එසේම යමෙකුව දෙවියන්වහන්සේ වෙත යොමු කිරීමට එයට හැකිය. යහපත්කම් කිරීමේ වැදගත්කම බයිබලය පැහැදිලි කරයි (යාකොබ් 2:17, 24). එය අභියෝගයක් මෙන් හැඟෙන්නේ නම් දෙවියන්වහන්සේ මෙම ක්‍රියා කිරීමට අපට හැකියාව දෙනවා පමණක් නොව ඒවා අප වෙනුවෙන් පෙර සුදානම් කර ඇති බවට ස්ථිර කරයි (එපීස 2:10).

අද ධෛර්යයේ වචනයක් අවශ්‍ය පුද්ගලයෙකු අපට මුණ ගැසිය හැකිය. නැතිනම් උපකාර කිරීමේ හස්තය දිගු කිරීමට අවස්ථාව අපට ලැබිය හැකිය. අප කළ යුත්තේ කීකරුකමෙන් ප්‍රතිචාර දැක්වීම පමණී.