සාමය – බලවත් විස්තර කළ නොහැකි සාමය අපගේ දුක්බරම අවස්ථාවල පවා අපගේ සිත් පූර්ණ කිරීම මට විශ්මය ගෙන දෙන්නේය (පිලිප්පි 4:7). මෑතකදී මගේ පියාගේ ගුණ සැමරුම් උත්සවයකදී මම එය අත්දුටුවෙමි. සානුකම්පාවෙන් පිරි මිතුරෝ පෝලිමේ අවුත් අපට ශෝකය ප්‍රකාශ කළෝය. මාගේ උසස් පාසැලේ මිතුරෙක් දැක මම සැනසුනෙමි. වචනයක්වත් කථා නොකල ඔහු මාව වැළඳ ගත්තේය. ඒ මොහොතේ එම අසීරු දිනයේ දුක මධ්‍යයෙහි සාමයේ හැඟීමක් මා තුළට ගලා ආවේය. එය බලවත් ලෙස මට මතක් කලේ මට සිතුනු ආකාරයට මා තනිවී නැති බවය.

ගීතාවලිය 16 හි දාවිත් විස්තර කරන ලෙස දෙවියන්වහන්සේ දෙන ආකාරයේ සාමයක් සහ ප්‍රීතියක් අපගේ ජීවිතයට පැමිණෙන්නේ අසීරු අවස්ථාවන්වලදී වේදනාව යටකර දැමීමෙන් නොවේ. අපගේ යහපත් දෙවියන්වහන්සේ තුළ අප රැකවරණය ලබන විට එය අප දකින තෑග්ගක් ලෙසටය (1-2 පද).

මරණය අපට ගෙනෙන කකියන වේදනාවට අනිත් “දෙවිවරු” සහනය ගෙන දේ යයි සිතා කල්පනා කර අපට ප්‍රතිචාර දැක්විය හැකිය. නමුත් ඉක්මණින් හෝ කල් ගොස් හෝ අපට වැටහෙන්නේ අපගේ වේදනාව මග හැරීමට තැත් දැරීම ඊටත් වඩා ගැඹුරු වේදනාවක් ගෙන එන බවය (4 පදය).

එසේ නැත්නම් අපට නොතේරුනත් දෙවියන්වහන්සේ වෙත හැරී උන්වහන්සේ දැනටමත් අපට දී ඇති ජීවිතය වේදනාවේදී පවා තවමත් අලංකාරව සහ යහපත්ව ඇති බව විශ්වාස කිරීමය (6-8 පද). ඉන්පසු අපට උන්වහන්සේගේ දෑත්වලට භාර විය හැකිය. උන්වහන්සේ අපව මෘදු ලෙස ඔසවා අපගේ වේදනාව තුළින් සාමය සහ ප්‍රීතියකට අපව ගෙන යන්නේය. මරණයටද එය යට කළ නොහැකිය (11 පදය).