“මම කව්ද?” මික් ඉන්ක්පෙන් විසින් රචිත නතිං නම් ළමා කථා පොතෙහි දුර්වර්ණවූ පුරවන ලද සතෙක් අසන ප්‍රශ්නය එයයි. ගබඩාවක දූවිලි වැසුණු කොණක සිටින මෙම සතා බඩු අදින කම්කරුවන් නතිං කියා තමන් අමතනවා අසා තමාගේ නම නතිං යයි සිතයි. එහි අර්ථය “කිසිවක් නැති” යන්නයි.

අනෙක් සතුන් සමග ගැටෙන විට ඔහුගේ පැරණි මතකයන් ඉස්මතු වේ. ඔහුට වලිගයක්, රැවුලක් සහ ඉරි තිබූ බව නතිංට සිහි වන්නේය. නමුත් ටැබී නැමැති බළලා ඔහුව නිවසට ගෙන යන තුරු ඔහු කව්ද කියා නොදැන සිටියේය. ගෙදර ගිය පසු ඔහු කව්දැයි ඔහුට මතක් වේ. ඔහුගේ නම “ටෝබි” විය. ඔහුගේ අයිතිකාරයා ඔහුව හොඳින් පිළිගෙන අලුත් කන්ද, වල්ගයද රැවුලද ඉරිද නැවත මසා ඔහුව අලුත් කළේය.

මා මේ පොත කියන වාරයක් ගණනේ මාගේ අනන්‍යතාවය ගැන මම කල්පනා කරමි. “මම කව්ද?” යොහන් තම ඇදහිලිවතුන්ට පවසන්නේ දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ දරුවන් යයි පවසය බවයි (1 යොහන් 3:1). එම අනන්‍යතාවය අපට සම්පූර්ණයෙන් නොතේරේ. නමුත් අපි යේසුස්වහන්සේ දුටු විට අපි උන්වහන්සේ මෙන් වනු ඇත (2 පදය). ටෝබී නැමැති බළලා මෙන් අපට තබා ඇති අරමුණට අප වෙනස් වනු ඇත. දැන් එය පාපයෙන් විකෘති වී තිබේ. දැනට අපට එම අනන්‍යතාවය කොටස් වශයෙන් පෙනේ. අප එකිනෙකා තුළ ඇති දෙවියන්වහන්සේගේ ස්වරූපය අපට වැටහෙනු ඇත. නමුත් එක් දිනකදී අප යේසුස්වහන්සේ දකින විට අපට තබා ඇති අනන්‍යතාවය අපට ලැබෙනු ඇත. අප අලුත් වනු ඇත.