මාගේ වැඩ වලට මටත් මගේ හවුල් සේවකයාටත් සැතපුම් 250 ක ගමනක් යන්නට සිදුවුනි. නැවත ඒමට ආරම්භ කරන විට රෑ බෝවී තිබුණි. මාගේ මහළු වන ශරීරය සහ ඇස් නිසා රාත්‍රී කාලයේ වාහනය පැදවීම දැන් මට අසීරුය. නමුත් මුලින්ම කාරය පැදවීමට මම තීරණය කළෙමි. මා දෑත් වලින් සුන්කානම ග්‍රහණය කර ගෙන දෑස් වැඩි ආලෝකයක් නැති පාරවලට යොමු කලෙමි. මා ඉගෙන ගත් කාරණයක් නම් මා පසුපසින් එන වාහන වල ආලෝකය අධිවේගී මාර්ගය එළිය කරන විට මට වඩා හොඳින් පෙනෙන බවය. මාගේ මිතුරා සෑහෙන වේලාවකට පසුව කාරය අතට ගත් විට මට විශාල සැනසුමක් දැණුනි. ඒ එතෙක් මා රිය පදවා ගෙන ඇවිත් ඇත්තේ ප්‍රධාන ලාම්පු වෙනුවට මීදුම් ලාම්පුවලින් බව ඔහු තේරුම් ගත් හෙයිනි.

ගීතාවලිය 119 ජීවිතයේ එදිනෙදාට අවශ්‍ය ආලෝකය දෙවියන්වහන්සේ දෙන බව අවබෝධ කරගත් කෙනෙකු ලියා ඇති විශ්මිත කෘතියකි (105 පදය). මා එදින අධිවේගී මාර්ගයේ ගමන් කළාක් මෙන් අසීරු අවස්ථා සාමාන්‍ය ජීවිතයේ අපට කෙතෙරම් හමුවේද? අප දැකිම පිණිස අනවශ්‍ය ආයාසයක් දරමු. සමහර විට හොඳම මාර්ග අපට මග හැරේ. ඊට හේතුව දෙවියන්වහන්සේගේ වචනයේ ආලෝකය භාවිතා කිරීමට අප අපොහොසත් වන නිසාය. 119 ගීතාවලිය අපව දිරිමත් කරන්නේ “ආලෝක බොත්තම” එබීමට උනන්දුවන ලෙසටය. අප එසේ කළ විට වන්නේ කුමක්ද? පවිත්‍රතාවයට අවශ්‍ය ප්‍රඥාව අපට ලැබේ (9-11 පද). නැවත හැරීම් මග හැරීමට අපට අලුත් පෙළඹවීමක් සහ දිරියක් ලැබේ (101-102 පද). අප ආලෝකය සමග ජීවත් වන විට ගීතිකාකරුගේ ප්‍රශංසාව අපගේ ප්‍රශංසාව බවට පත්වේ. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.” (97 පදය).