1960 ගණන් මුල් භාගයේ පුද්ගලයෙකුද සතෙකුද කිව නොහැකි විශාල දුක්බර ඇස් සහිත චිත්‍ර වර්ගයක් ප්‍රසිද්ධියට පත් විය. සමහරු ඒවා එතරම් රසවත් නැති බව සිතුවෝය. තවත් සමහරු එයට ආශා කළෝය. කලා ශිල්පිණියගේ ස්වාමිපුරුෂයා ඒවා ප්‍රචාරය කළේය. යුවල ධනවත් වන්නට පටන්ගත්හ. නමුත් කලාකාරිනියගේ අත්සන වන මාගරට් කීන් යන්න ඇයගේ කෘති වල සටහන් නොවුණි. ඒ වෙනුවට මාගරට්ගේ ස්වාමිපුරුෂයා ඒවා ඔහුගේ බව පෙන්වීය. විවාහය අවසන් වන තුරු බිය නිසා මාගරට් මෙම වංචාව එළිදරව් කළේ නැත. චිත්‍ර පිළිබඳ නඩුවක් පැවරුණි. කලා ශිල්පිණිය චිත්‍රයක් ඇඳ අයිතිය ඔප්පු කළ පසු නඩුව විසඳුණි.

ඒ මනුෂ්‍යයාගේ රැවටිල්ල පැහැදිළිව වැරදිය. නමුත් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අපට අයිති නැති තලෙන්තවලට අපි ගෞරවය ගනිමු. එනම් අප තුළ ඇති නායකත්ව හැකියාවන්, අප අන් අයට කරන යහපත් ක්‍රියා යනාදියට ගරුත්වය ගනිමු. නමුත් එවැනි දේවල් කළ හැක්කේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසාම පමණකි. යෙරෙමියා 9 හි යෙරෙමියා සෙනගගේ යටත්කම නැති නිසාත් පසුතැවිලි නොවූ හදවත් ඇති නිසාත් විලාප කියයි. අපි අපගේ ප්‍රඥාව, ශක්තිය හෝ වස්තුව ගැන පුරසාරම් දෙඩිය නොයුතු බවත් අප පුරසාරම් දෙඩිය යුත්තේ උන්වහන්සේ ස්වාමින්වහන්සේ බව දැන ගැන්ම සහ අවබෝධ කර ගැනීම ගැන පමණක් බවත් යෙරෙමියා කියන්නේය. “පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන” උන්වහන්සේ ස්වාමින් වහන්සේය (24 පදය).

නිවැරදි කලා කරුවාගේ අනන්‍යතාවය දැන ගත් විට අපගේ සිිත් කෘතඥතාවෙන් පිරී යයි. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද … පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.” (යාකොබ් 1:17). සියලු ගෞරවය සියලු ප්‍රශංසාව හිමිවිය යුත්තේ යහපත් දේ දෙන තැනැන්වහන්සේටමය.