මාගේ පළමු උපැස් යුවළ බොඳවූ ලෝකයක් මට ආලෝකමත් කළේය. මම සමීප ද්‍රෘෂ්ටිය ඇත්තියක්මි. එනම් : ළඟ ඇති දේවල් පැහැදිළිව තියුණුුව මට පෙනේ. නමුත් උපැස් යුවල නොමැතිව කාමරයේ දුර ඇති දේවල් බොඳවී පෙනේ. වයස දොළහේදී මම පළමු උපැස් යුවල භාවිතා කළ විට කළු ලෑලිවල පැහැදිලි වචන, ගස්වල කුඩා පත්‍රිකා සහ සමහර විට වඩා වැදගත් වන මුහුණුවල ඇති සිනහවන් මට පැහැදිළිව පෙනෙද්දී මම පුදුමයට පත්වීමි.

මිතුරන්ට මා ආචාර කළ විට ඔවුන් පෙරළා සිනහවන කල මාව ඔවුන් දැකීමත් ඔවුන් මාව දැකීමත් මහත් ආශිර්වාදයක් බව මම දැන ගතිමි.

වහල් ස්ත්‍රියක් වූ හාගර් තම ස්වාමිදුව වන සාරායිගේ අකරුණාවන්තකමින් පලා යන විට ඇය එය තේරුම් ගත්තාය. ඇයගේ සංස්කෘතිය තුළ ඇයට තත්ත්වයක් නොවීය. ඇය ගර්භණිව තනිව සිටියාය. උපකාරයක් හෝ බලාපොරොත්තුවක් හෝ නැතිව කාන්තාරයක් දෙසට දිව යමින් සිටියාය. දෙවියන්වහන්සේ විසින් දක්නාලද ඇය බලගැන්විණ. එසේම ඇයට උන්වහන්සේව දක්නට ලැබුණි. දැන් ඇයට දෙවියන්වහන්සේ සාමාන්‍ය සංකල්පයක් පමණක් නොවීය. දෙවියන්වහන්සේ ඇයට සත්‍යයක් විය. කෙතරම් සත්‍යයක් වීද යත් ඇය උන්වහන්සේට එල් රෝයි යන නාමයක් දුන්නාය. එහි අර්ථය “මා දක්නා දෙවියන්වහන්සේ ඔබය” යන්නය. “මා දක්නා දෙවියන්වහන්සේව මාද දැක්කෙමි” ඇය කීවාය (උත්පත්ති 16:13).

අපව දකින්නාවූ දෙවියන්වහන්සේ අප එකිනෙකා දකින සේක. අපව දකින්නේ නැතැයි තනිවී ඇතැයි කාත් කවුරුත් නැති කෙනෙක් යයි හැඟෙන්නේද? දෙවියන්වහන්සේ ඔබවද ඔබගේ අනාගතයද දකිනා සේක. ඊට ප්‍රතිචාර ලෙස සෑම විටම බලාපොරොත්තුවක්, ධෛර්යයක්, ගැළවීමක් සහ ප්‍රීතියක් ලෙස අපි උන්වහන්සේව අදත් අපගේ අනාගතයේදීත් අපි දකිමු. දැකීම නැමැති විශ්මිත දීමනාවට උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ සත්‍යවූ එකම ජීවමාන දෙවියන්වහන්සේ දැකීමට හැකි වීම නිසාය.