කාලතුවක්කු වදින ශබ්දයෙන් ඔහු අවට පොළොව දඩ දඩ ගා චංචල වේ. තරුණ සොල්දාදුවෙකු උනන්දුවෙන් යාච්ඤා කළේය. “ස්වාමිනී මාව මේකෙන් ගළවන්නේ නම් අම්මා කී ලෙසම බයිබල් පාසැලට මම යන්නෙමි”. දෙවියන්වහන්සේ ඔහුගේ අවධාරණය සහිත යාච්ඤාවට ගෞරව කළ සේක. දෙවන ලෝක මහා යුද්ධය තුළින් නිරුපද්‍රිතව යාමට මාගේ පියාට හැකි විය. ඔහු මූඩි බයිබල් ආයතනයට ඇතුළත් විය. ඔහුගේ ජීවිතය ඔහු සේවයට කැප කළේය.

තවත් රණ විරුවෙකු දෙවියන්වහන්සේට ළංවූයේ වෙනත් වර්ගයක ගැටළුවක් නිසාය. ඔහුගේ ගැටළු මතු වූයේ ඔහු යුද්ධයට යෑම මග හැරිය නිසාය. දාවිත් රජුගේ හමුදා අම්මෝනි වරුන් සමග යුද්ධ කරන විට දාවිත් තම මාළිගාවේ සිට වෙනත් කෙනෙකුගේ භාර්යයාවක් දෙස බැල්ම හෙළමින් සිටියේය (2 සාමුවෙල් 11 බලන්න). එම පාපයේ ප්‍රතිඵල නිසා පැමිණි කාරණාවලින් නැවත ගොඩ ඒමේ වේදනාකාරී ක්‍රියාවලිය ඔහු ගීතාවලිය 39 හි විස්තර කරයි. “එවිට මාගේ ශෝකය ඇවිස්සුණේය” යයි ඔහු ලියයි. “මාගේ සිත මා තුළ උණු විය. මා මෙනෙහි කරද්දීම ගින්න ඇවුළුණේය” (2-3 පද) ඔහු කියයි.

දාවිත්ගේ බිඳුණු ආත්මය ඔහුට ආවර්ජනය කිරීමට සැළැස්වූයේ “ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැ යි මට දැනේවා” (4 පදය) යනුවෙනි. ඔහුගේ නැවුම්වූ අවධාරණය මධ්‍යයෙහිද දාවිත් සැලුණේ නැත. ඔහුට හැරීමට විකල්පයක් නොවීය. “දැන් වනාහි, ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය” (7 පදය). දාවිත් මෙම පුද්ගලික අරගලය ජයගත්තේය. ඔහු දෙවියන්වහන්සේගේ මෙහෙයෙහි අඛණ්ඩව නිරත විය.

අපගේ යාච්ඤාවේ අරමුණ මෙන් අපගේ යාච්ඤා ජීවිතය පොළඹවන දෙය වැදගත් නැත. අපගේ බලාපොරොත්තුවේ මූලාශ්‍රය දෙවියන්වහන්සේය. අපගේ සිත උන්වහන්සේ සමග බෙදා ගැනීම උන්වහන්සේගේ ආශාවය.