මා ගුවන් යානයට නැගීමට පෝලිමේ ඉන්නා විට කෙනෙකු මාගේ උරහිසට තට්ටු කළාය. මා හැරුණු විට මට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. “එලීසා! මාව මතකද? මම ජොඈන්”. මාගේ මනස මා දන්නා විවිධ ජොඈන්ලා තුළින් ගියේය. ඇය නිවස අසළ සිටි අයෙක්ද? පැරණි හවුල් සේවිකාවක්ද? අනේ මට මතක නැහැ!

මාගේ අරගලය දුටු ඇය කීවේ “අපි උසස් පාසැලේ මිතුරෝ” කියාය. එවිට මතකයන් ඉස්මතු විය. සිකුරාදා රාත්‍රියේ පාපන්දු ක්‍රීඩා වලදී අපි ඔල්වරසන් දුන්නෙමු. ස්ථානය පැහැදිලි කර ගත් පසු මම ජොඈන් ඇඳින ගත්තෙමි.

යේසුස්වහන්සේගේ මරණින් පසු පාන්දර මග්දලාහි මරියා සොහොන වෙත ගියාය. ගල පෙරළා තිබුණි. ශරීරය තිබුණේ නැත (යොහන් 20:1-2). ඇය පේත්‍රැස් සහ යොහන් සොයා ගෙන ගියාය. ඔවුන්ද ඇය සමග නැවත ආවෝය. එවිට සොහොන හිස්ව තිබුණි (3-10 පද) මරියා දුකින් පිටත රැඳී සිටියාය (11 පදය). යේසුස්වහන්සේ දර්ශනය වූ කල ඒ යේසුස්වහන්සේ බව ඇය දැන නොසිටියාය (14 පදය). උන්වහන්සේ උයන් පාලකයා බව ඇය සිතීය (15 පදය).

ඇය යේසුස්වහන්සේව හඳුනා නොගත්තේ මන්ද? උන්වහන්සේගේ උත්ථානවූ ශරීරය එතරම් වෙනස් වූ නිසා එය හඳුනා ගැනීමට නොහැකිවීද? ඇයගේ දුක උන්වහන්සේගේ අනන්‍යතාවය ඇයගෙන් සැඟවීද? එසේත් නැත්නම් සමහර විට මා මෙන් උන්වහන්සේ මැරී සොහොනේ නොව ජීවමානව උයනේ සිටින්නේය යන මාගේ සන්දර්භය නිසා ඇයට උන්වහන්සේව හඳුනා ගැනීමට නොහැකි වීද?

අපගේ එදිනෙදා ජීවිතයට යාච්ඤාව හෝ බයිබල් කියවීම තුළ හෝ උන්වහන්සේ අපගේ හදවත් තුළට මුමුණන විට හෝ අපටද යේසුස්වහන්සේව මග හැරී යාමට ඉඩ ඇත.