1964 හි ජනවාරි 8 වන දින දහහත් හැවිරිදි රැන්ඩි ගාර්ඩ්නර් දවස් 11 ක් සහ විනාඩි 25 ක් තුළ ඔහු නොකළ දෙයක් කළේය. ඔහු නින්දට වැටුණේය. ඔහුට අවශ්‍ය වූයේ මනුෂ්‍යයෙකුට කෙතරම් වේලාවක් නොනිදා සිටිය හැකිද කියා ගීනස් පොතේ ලෝක වාර්තාවක් තැබීමටය. සිසිල් බීම බීමෙන් සහ පැසිපන්දු ක්‍රීඩා කරමින් ඔහු සති එකහාමාරක් නින්ද මග හැරියේය. අවසානයේදී ඔහුට වැටී නින්ද ගියේය. ඔහුගේ රස සහ දුගඳ දැනීම සහ ඇසීම වියවුල් විය. වසර ගණනාවකට පසුව ගාර්ඩ්නර් නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා වින්දේය. ඔහු වාර්තාව තැබීය. එසේම අපට අනිවාර්යය කාරණයක් ස්ථිර කළේය. ඒ නින්ද අත්‍යවශ්‍ය බවය.

අප බොහෝ දෙනෙකු නින්ද ලැබීමට අරගල කරන්නෙමු. ගාර්ඩ්නර් මෙන් උවමනාවෙන් නොව නින්ද නොයෑම විවිධ හේතූන් නිසා ඇති විය හැකිය. කඳු මෙන් විශාල කණස්සලු, අප ලබා ගත යුතු සියල්ල ගැන බිය, අන් අය අප ගැන තබා ඇති බලාපොරොත්තු, අධිවේගයෙන් ජීවත්වීම නිසා ඇතිවන ආතතිය ඉන් සමහරකි. සමහර විට භිය තුරන්කර නිශ්චලව සිටීම අපට අසීරුය.

ගීතිකාකරු පවසන්නේ “ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්” (ගීතාවලිය 127:1) අපි නිස්කාරණේ වෙහෙස වෙමු කියාය. දෙවියන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් සපුරන්නේ නැත්නම් අපගේ වෙහෙස සහ නොනවතින වෙර දැරීම නිෂ්ඵල වේ. අපට අවශ්‍ය දේ දෙවියන්වහන්සේ සපයන නිසා ස්තුතිවන්ත වෙමු.
“උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක” (2 පදය). දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප සියල්ලන්ට ව්‍යාප්ත වන්නේය. අපගේ කණස්සලු සියල්ල නිදහස් කර උන්වහන්සේගේ විශ්‍රාමයට එනම් උන්වහන්සේගේ අනුග්‍රහයට එන්න කියා උන්වහන්සේ ඇරයුම් කරන සේක.