“එස්ටෙරා අපගේ මිතුරිය හෙලන් ඔයාට තෑග්ගක් එවලා!” කියා මගේ මව මම රැකියා ස්ථානයෙන් ගෙදර ආ විට මට කීවාය. හැදෙන වැඩෙන කාලයෙහි අපට වැඩි යමක් තිබුණේ නැත. තැපෑලෙන් ත්‍යාගයක් ලැබෙන එක දෙවන නත්තලක් හා සමාන විය. ප්‍රේමය ලැබී ඇති බවත් මාව සිහිපත් වී ඇති බවත් මේ අනර්ඝ ස්ත්‍රිය තුළින් දෙවියන්වහන්සේ මට වටිනාකමක් දී ඇති බවත් මට වැටහුණි.

තබීතා (දොර්කස්) ගේ ඇඳුම් ලැබූ අයටද එසේ සිතෙන්න ඇති. ඇය යොප්පාවේ ජීවත්වූ යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකි. ඇය දුගී අයට උපකාර කරන පිණිස සෑම විටම යහපත් දේ කළාය (ක‍්‍රියා 9:36). ඇය රෝගීව මිය ගියාය. ඒ දිනවල පේත්‍රැස් අසළ ගමක සිටියේය. ඒහෙයින් ඇදහිලිවතුන් දෙදෙනෙකු ඔහු සොයා ගොස් යොප්පාවට එන්න යැයි ඔහුට ඇවටිලි කළහ.

පේත්‍රැස් පැමිණි විට තබීතා උදව් කළ අය ඇයගේ කරුණාවන්තකමේ සාක්‍ෂි ඉදිරිපත් කළෝය. “දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය” (39 පදය). මැදිහත්වන ලෙස පේත්‍රැස්ට ඔවුන් කීවාදැයි අපි නොදනිමු. නමුත් ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීමෙන් පේත්‍රැස් යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ ඇය මළවුන්ගෙන් නැගිටෙවු සේක. එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශ විය. බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ කෙරෙහි අදහා ගත්තෝය (42 පදය).

අප අවට සිටින අයට අප කරුණාවන්ත වන විට ඔවුන් ඔවුන්ගේ සිතුවිලි දෙවියන්වහන්සේ වෙත යොමු කෙරේවා! දෙවියන්වහන්සේ ඔවුන් අගය කරන බව වටහා ගනීවා!