ගුවන් විදුලි නිවේදකයෙකු වන මගේ මිතුරෙක් මට දුන් ණැනවත් උපදෙසක් මට මතක් වේ. ඔහුගේ වෘත්තියෙහි මුල් කාලයෙහි විවේචනය සහ ප්‍රශංසාව ගැන ක්‍රියා කරන ආකාරය ගැන මාගේ මිතුරාට අර්බූදයක් විය. ඔහුට හැඟුණේ කරණා දෙකම රාක්කයට දමන්න යයි දෙවියන්වහන්සේ ඔහුට කියන බවය. ඔහු සිතට ගත් දෙයෙහි හරය කුමක්ද? විවේචනයෙන් ඉගෙන ගත හැකි දෙය ගන්න. ප්‍රශංසාව පිළිගන්න. යටත්කමින් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ බලයෙන් ඉදිරියට යන්න.

විවේචනය සහ ප්‍රශංසාව පාලනය නොකළොත් ඒවා අප තුළ බලවත් හැඟීම් අවුලුවනු ඇත. ඉන් තමාව පහත් කර ගැනීම හෝ මමත්වය උදුම්මා ගැනීමක් සිදුවිය හැකිය. හිතෝපදේශයේ ධෛර්යය දීමේ සහ ණැනවත් උපදෙස්වල වරප්‍රසාද අපි දකිමු. “යහපත් ආරංචියෙන් ඇට තරවේ…… ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය” (15:30, 32).

අප තරවටුවක් ලබන්නේ නම් ඉන් මුවහත් වෙමු. හිතෝපදේශ පවසන්නේ “ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි” (31 පදය) කියාය. අපට ප්‍රශංසාවේ වචනවලින් ආශිර්වාදය ලැබේ නම් අප කෘතඥතාවෙන් නැවුම් වී පූර්ණ වෙමු. අප දෙවියන්වහන්සේ සමග යටහත්කමින් ගමන් කරන විට ප්‍රශංසාවෙන් සහ විවේචනයෙන් ඉගෙන ගැනීමට උන්වහන්සේ අපට උගන්වන සේක. ඒවා රාක්කයේ තබා ඉන්පසු ඉදිරියට යන්න.