මාගේ නැන්දණියට හොඳ රැකියවක් තිබුණි. ප‍්‍රචාරක කටයුතු සඳහා ඇය චිකාගෝ සහ නිව්යෝර්ක් අතර නිතර ගමන් කළාය. නමුත් තම දෙමව්පියන්ට ඇති පේ‍්‍රමය නිසා එම රැුකියාව අත් හැරීමට ඇය තීරණය කළාය. ඔවුන් මිනෙසෝටාහී ජීවත් වූ අතර ඔවුන්ට සාත්තුව අවශ්‍ය විය. ඇයගේ සහෝදරයින් දෙදෙනෙකු තරුණ කාලයේදී ඛේදනීය ලෙස මිය ගොස් තිබුණි. එම නිසා ඇයගේ දෙමාපියන් බලා ගැනීමට සිටියේ ඇය පමණී. තම දෙමාපියන්ට සේවය කිරීම තම ඇදහිල්ල ප‍්‍රකාශ කිරීමක් ලෙස ඇය සැළකීය.

රෝමයට ලියු තම ලිපියේ අපෝස්තලූ පාවුල් කිතුණු ඇදහිලිවතුන්ට ආයාචනා කළේ “දෙවියන්වහන්සේට ප‍්‍රසන්නවූ ශුද්ධවූ ජීවමාන යාගයක්” (රෝම 12:1) වන ලෙසටය. ඔවුහු එකිනෙකාට ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රමය ව්‍යාප්ත කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. එසේම ප‍්‍රමාණයට වඩා ඉහළින් ඔවුන් ගැන නොසිතන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය (3 පදය). ඔවුන් එකඟතා නොවීම්වලට සහ බෙදීම්වලට වැටුණු විට ඔවුන්ගේ උඩඟුව පැත්තක දමන්න යයි පාවුල් ඔවුන්ට කීවේ “බොහෝ දෙනෙක්වූ අපි ක‍්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව” (5 පදය) කියාය. ඔහු ඔවුන්ට ආයාචනා කළේ එකිනෙකාට යාගික පේ‍්‍රමය පෙන්වන්න කියාය.

සෑම දිනකම අන් අයට සේවය කිරීමට අපට අවස්ථාව තිබේ. උදාහරණයක් ලෙස පෝලිමක ඉදිරියට යාමට යමෙකුට ඉඩ දීමට හෝ මගේ නැන්දා මෙන් රෝගීව සිටින කෙනෙකු බලා ගැනීමට හෝ අපට පුළුවන. නැතිනම් අපගේ අත්දැකීම් භාවිතා කර යමෙකුට උපදෙස් දිය හැකිය. අප ජීවමාන යාගයක් වශයෙන් අපවම ඔප්පු කරන විට අපි දෙවියන්වහන්සේට මහිමය දෙමු.