දෙහැවිරිදි දැරියක් ඉරිදා දිනයක සභාවේ පඩි පෙළේ ඉහළ පහළ යමින් සිටියාය. ඇය පියකරුය. ධෛර්යමත්ය. ස්වාධිනය. ඇය පඩියෙන් පඩිය පහළ තට්ටුවට බැස්සාය. පඩි පෙළ බැසීම ඇයගේ දුත මෙහෙවර විය. ඇය එය අවසන් කළාය. මෙම කුඩා දැරියගේ නිර්භිත ස්වාධිනත්වය ගැන සිතන විට මගේ මුවට සිනහවක් නැගුණි. දැරිය බිය නොවූයේ ඇයගේ මවගේ තියුණු දෑස අය වෙත සෑම විටම යොමුව ඇති බවත් පේ‍්‍රමණිය හස්තය ඇයට උපකාර කිරීමට දිගුවී ඇති බවත් දන්නා නිසාය. ජීවිතයේ අවිනිශ්චිත ස්ථාන වලදී තම දරුවන්ට උපකාර කිරීමට ස්වාමින්වහන්සේගේ සුදානම මින් හොඳින් පැහැදිළි වේ.

අද දේව වචනය දෑත් ගැන සටහන් දෙකක් පෙන්වන්නේය. උන්වහන්සේ පුරාණ සෙනගට බිය නොවන්න. නොකැළඹෙන්න කියා පැවසුවේ “මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹලා ඔසවන්නෙමි” (යෙසායා 41:10) කියාය. කණස්සල්ලෙන් පිරි බියසුළු දරුවන් පියෙකුගේ ශක්තියෙන් බොහෝ වර දිරිමත් වී ඇත. මෙහි දෙවියන් වහන්සේගේ බලය ප‍්‍රදර්ශනය වේ. දෑත් ගැන දෙවන සටහනේදී නැවත ස්වාමින්වහන්සේ ස්වකියයන්ගේ රැුකවරණයට පැමිණේ. “භය නොවන්න. මම නුඹට පිහිටවන්නෙමි කියමින් නුඹේ දකුණත අල්ලමි” (13 පදය) කියන සේක. ජීවිත තත්ත්වයන් සහ කාලයන් වෙනස් වුවද ස්වාමින්වහන්සේ වෙනස් වී නැත. අප කැළඹිය යුතු නැත (10 පදය). ඊට හේතුව ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ උපකාරය පිළිබඳ පොරොන්දුව සහ අපි ඉතා උවමනාවෙන් ඇසීමට බලා සිටින “බිය නොවන්න” යන වචන තුළින් උන්වහන්සේ අදත් අපව ස්ථිර කරන හෙයිනි.