අප නිවස අසළ ඇති කෝපි කඩයේ නම ෆිකාය. ෆිකා යනු ස්වීඩන් භාෂාවේ වචනයකි. එහි අර්ථය කෝපි බොමින් යමක් අනුභව කර නිදහසේ ඉන්න යන්නයි. සෑම විටම ඒ පවුලේ අය හවුල් සේවකයන් සහ මිතුරන් සමගය. මම ස්වීඩන් ජාතිකයෙක් නොවෙමි. නමුත් යේසුස්වහන්සේ ගැන මා ආශා කරන දෙයක් ෆිකා යන වචනයෙන් විස්තර කෙරේ. ඒ අන් අය සමග නිවාඩු ගෙන කෑම අනුභව කරමින් නිදහසේ සිටීමය.

විද්වතුන් කියන පරිදි යේසුස්වහන්සේ ආහාර ගත්තේ ඉඳහිට නොවේ. දේවධර්මාචාර්ය මාර්ක් ග්ලැන්විල් පවසන්නේ ඒවා රසවත් දෙවන ආහාර වේලක් කියාය. ඒ පරණ ගිවිසුමේ ඉශ‍්‍රායෙල් මංගල්‍යය උත්සවයන්ය. යේසුස්වහන්සේ මේසය වටා ජීවත් වූයේ ඉශ‍්‍රායෙල්ගෙන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයටයි. එනම් මුළු ලොවට ප‍්‍රීතියේ සැමරීමේ සහ සාධාරණත්වයේ මධ්‍යස්ථානයක් ලෙසය.

5000 කට කෑම දීමේ සිට අන්තිම රාත‍්‍රී භෝජනය එසේම නැවත නැගිටීමෙන් පසු දෙදෙනෙකු සමග ගත් ආහාරය තෙක් (ලූක් 24:30) යේසුස් වහන්සේගේ මේසවල සේවය අපට පවසන්නේ අපගේ අඛණ්ඩ වීර්යය නවතා උන්වහන්සේ තුළ විශ‍්‍රාම ගැනීමටය. ඇත්තෙන්ම උන්වහන්සේ සමග ආහාර ගන්නා තුරු නැවත නැගිටී ස්වාමින්වහන්සේ ලෙස ඔවුන් උන්වහන්සේව අඳුනා ගත්තේ නැත. “උන්වහන්සේ රොටී රැගෙන ආශිර්වාද කොට කඩා ඔවුන්ට දුන් සේක. එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔවුහු ජීවමාන ක‍්‍රිස්තුස්වහන්සේ ඇඳින ගත්හ” (30-31 පද).

මෑත දිනයක මිතුරෙක් සමග වාඩිවී ෆිකාහි උණුසුම් චොකලට් පානයක් සමග ආහාර ගන්නා විට අපි යේසුස් වහන්සේ ගැනද කථා කළෙමු. ජීවනදායක ආහාරය උන්වහන්සේය. අපි උන්වහන්සේගේ මේසයේ කාලය ගත කරමින් උන්වහන්සේ ගැන තව දැන ගනිමු.