නිව්යෝර්ක් නගරයට මෑතකදී අපි ගිය සංචාරයකදී හිම වැටෙන සන්ධ්‍යාවක අපගේ හෝටලයේ සිට කියුබානු ආපන ශාලාවකට කෑමට යාමට අපට අවශය විය. අපි වාහනයක් කුලියට ගතිමු. සියලූ විස්තර මීටරයට ඇතුල් කළ පසු එම කෙටි ගමනට ඩොලර් 1500 කට වඩා වැඩි බිලක් වැටුණිු. ඇතිවූ කම්පනය ඉවත්වූ විට මට වැටහී ගියේ මා වැරදීමෙන් අපගේ නිවසට යා යුතු දුර ඇතුලත් කර ඇති බවය. ඒ සැතපුම් සිය ගණනක් එහාය.

ඔබ වැරදී විස්තර අනුව ක‍්‍රියා කරන්නේ නම් සෑම විටම අමාරුවේ වැටෙන්නේය. “නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැන ගැනීමේ වචනවලටද යොමු කරන්න” යයි හිතෝපදේශය කියන්නේ ඒ හෙයිනි (හිතෝපදේශ 23:12). ඒ වෙනුවට අපි අඥාන අයගෙන් එනම් තමන් දන්නවාට වඩා දන්නා බව පෙන්වන දෙවියන්වහන්සේට පසුපස හැරවූ අයගෙන් උපදෙස් ගන්නේ නම් අප කරදරයේ වැටෙනු ඇත. ඔවුන් “නුඹේ වචනවල සාරකම සුළු කරන්නේය” (9 පදය). එසේම අපව මංමුලා කරන ප‍්‍රයෝනවත් නැති නොමග යවන රැවටිලිකාර උපදෙස් දෙනු ඇත.

ඒ වෙනුවට ප‍්‍රඥාවේ වචන වලට කන් යොමු කිරීමට අපට පුළුවන (12 පදය). අපගේ සිත් විවෘත කර අප නිදහස් කරන දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දන්නා අයට අප ඇහුම්කන් දෙන විට දිව්‍ය ප‍්‍රඥාව දැන ගෙන එය අනුගමණය කිරීමට ඔවුන් අපට උපකාරී වෙති. දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව කිසිදා අපව නොමග ගෙන යන්නේ නැත. සෑම විටම ජීවිතය සහ පූර්ණකම වෙතට අපව ගෙන යන්නේය.