දස හැවිරිදි වයලා අතු කැබැල්ලක් භාවිතා කර දේශකයෙකු ලෙස රඟපානවා දුටු මිෂෙල් ගමේ ශුභාරංචි මෙහෙයකදී වයලාට අවස්ථාවක් දුන්නාය. වයලා එය පිළිගත්තාය. දකුණු සුඩානයේ මිෂනාරිවරියක වන මිෂෙල් ලීවේ සෙනග උද්දාමයට පත්වූ බවයි. අත් හරින ලද කුඩා දැරියක් රජුන්ගේ රජුගේ දියණියක් ලෙස ඔවුන් ඉදිරියෙහි අධීකාරිත්වයෙන් යුක්තව ක‍්‍රියා කළාය. සෙනගගෙන් අර්ධයක් ඉදිරියට පැමිණ යේසුස්වහන්සේ පිළිගත්තෝය.

සෙනග එදින දැරියකගේ දේශනාවක් බලාපොරොත්තු නොවීය. මෙම සිද්ධිය මට වැකි කඩක් මතකයට නෙ එයි. “ළදරුවන්ගේ මුඛවලින්”. ඒ ගීතාවලිය 8 හි තිබේ. “ඔබගේ එදිරිකාරයන් නිසා ඔබ බාලයන්ගේද කිිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවු සේක” (2 පදය). මතෙව් 21:16 හි පසු කාලයක යේසුස් වහන්සේ එම පදය ප‍්‍රකාශ කළ සේක. යෙරුසලමේ මාළිගාවේ දරුවන් යේසුස්වහන්සේට ප‍්‍රශංසා කරනවා දැක ප‍්‍රධාන පූජකයෝද ලියන්නෝද දරුවන්ව විවේචනය කළෝය. මෙම නායකයන්ට දරුවෝ කරදරයක් විය. දේව වචනය උපුටා දක්වමින් ේසුස්වහන්සේ පෙන්නුම් කළේ මේ දරුවන්ගේ ප‍්‍රශංසාවට දෙවියන්වහන්සේ ගරු කරන බවය. නායකයන් අකමති දෙය දරුවෝ කළෝය. බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් වහන්සේට මහිමය දුන්නෝය.

වයලා සහ මාළිගාවේ දරුවන් මෙන් තමන් වහන්සේට මහිමය දෙන පිණිස දරුවෙකු හෝ භාවිතා කිරීමට උන්වහන්සේට හැකිය. ඔවුන්ගේ නිදහස් හදවත් වලින් ප‍්‍රශංසා උල්පත් ගලා ආවේය.